පුවත්

ඉන්දීය මුදල් ඇමතිනිය ව්‍යාපෘති කිහිපයක් දියත් කරයි

Published

on

ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200 ක් සපිරීම නිමිත්තෙන් අද (නොවැ. 02) කොළඹ පැවති Naam 200 උත්සවයේ ආරාධිත අමුත්තිය ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය – නිර්මලා සීතාරාමන් මහත්මිය සහභාගී විය.

සීතාරාමන් මහත්මිය මෙම උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වූවාය.

ශ්‍රී ලංකාවේ වතුකරයේ නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ සිවුවැනි අදියර, සීතාරාමන් මහත්මිය හා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මෙහිදී මාර්ගගත ක්‍රමයට දියත් කෙරුණි.

මීට අමතරව, ඉන්දීය රජයේ ආධාර යටතේ ඉදිකළ නවීකරණය කරන ලද තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ද ජනාධිපති වික්‍රමසිංහ මහතා සමඟින් මාර්ගගත ක්‍රමයට එළිදැක්වුණි.

එසේම, සීතාරාමන් මහත්මිය මෙන්ම ශ්‍රී ලංකා අගමැති – දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය – සුසිල් ප්‍රේම්ජයන්ත, සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය – අරවින්ද් කුමාර් යන මහතුන් එක්ව පාසල් සිසුන් 10,000 කට පොත්පත් හා පාසල් බෑග් ද ලබාදෙනු ලැබුණි.

තවද, අග්‍රාමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍යවරයා හා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සමග එක්ව සීතාරාමන් මහත්මිය විසින් පාසැල් වල ජල පවිත්‍රාගාර ඉදිරිකිරීමේ ව්‍යාපෘතියක්ද දියත් කරන ලදී.

Trending

Exit mobile version