ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Sahyadri’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (04) මෙරටට පැමිණි අතරථ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
මෙම නෞකාවේ පැමිණීම, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාද ලංකාවේ නිල සංචාරයක නිරත වන අතරදී වීම විශේෂත්වයකි.
මෙලෙස දිවයිනට පැමිණි ෆ්‍රිගේට් වර්ගයේ යුද නෞකාවක් වන ‘INS Sahyadri’, දිගින් මීටර් 143 ක් හා නැව්මුළුව 320 ක ගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් රාජත් කුමාර් (Captain Rajat Kumar) කටයුතු කරනු ලබයි.
මෙම නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහ දිවයිනේ ආකර්ෂණිය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සහභාගි වීමට නියමිතව ඇත.
තවද, නිල සංචාරය අවසන් කරමින් මෙම නෞකාව 2025 අප්‍රේල් මස 07දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.