පුවත්

ඉන්දීය රුපියල්වලින් ගණුදෙනු කරන්න මෙරට බැංකුවක් ලෑස්තිවෙයි

Published

on

ඉන්දීය රුපියල්වලින් ද්වීපාර්ශ්විය වෙළඳ කටයුතු සිදුකිරීමට මෙරට බැංකුවක් එරට වොස්ට්‍රෝ ගිණුමක් ආරම්භ කළ බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

“State Bank of India” හි එම ගිණුම ආරම්භ කර ඇතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් පළ කළ ට්විටර් පණිවිඩයක දැක්වේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් හා වෙනත් සබැඳි කරුණු සම්බන්ධයෙන් “State Bank of India” හි දකුණු ආසියානු කලාප ප්‍රධානී – විකාස් ගොඑල් සමග මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා වන ගෝපාල් බාග්ලේ මහතා අද (20) දිනයේදී සාකච්ඡා කළ බවයි.

Trending

Exit mobile version