මෙරට වායු ගෝලයට එල්ලවන බලපෑම සම්බන්ධව පරිසර අමාත්‍යාංශය විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඉන්දියානු රජයට දැනුම්දීමට සැරසෙන බව වාර්තා වේ.
සති අග අරුණ පුවත්පත වාර්තා කර ඇත්තේ ඒ අනුව දූෂණ තත්ත්වය අවම කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙකම එකතු වී කටයුතු කරන ආකාරය සම්බන්ධව සැලසුමක් සකස් කිරීමට අපේක්ෂිත බවය.ඉන්දියාවේ දිල්ලිය ඇතුළු නගරවල වරින්වර සිදුවන වායු දූෂණ තත්ත්වයන් සුළං ධාරා සමග ඉකුත් 2019, 2020 සහ 2021 යන වසරවලදී ද මෙරටට බලපෑවේය.
මේ වසරේ දී එම තත්වය සෞඛ්‍යයට ඉතා අහිතකර මට්ටමින් බලපෑමක් එල්ල කළේය.
බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වූ සුළි කුණාටු තත්ත්වය ඉන්දියාව දෙසට ගමන් කිරීමෙන් පසුව වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණයේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.