පුවත්

“ඉන්දීය විජිතකරණයට එරෙහිව” පාගමනට ඉල්ලූ තහනම ඉවතට

Published

on

“ඉන්දීය විජිතකරණයට එරෙහිව” යන මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අයත් ජන අරගල ව්‍යාපාරය අද (20) සවස කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී සංවිධානය කරන උද්ඝෝෂණ ව්‍යාපාරය සහ පාගමන වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (20) ප්‍රතික්ෂේප කළේය.

මෙරට උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබා දී ඇති අයිතිවාසිකම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති මගින් වාරණයට ලක් කළ නොහැකි බව සිය තීන්දුව ලබාදෙමින් මහේස්ත්‍රත්වරයා පෙන්වා දුන්නේය.

භාෂනයේ නිදහස, රැස්වීමේ නිදහස ඇතුළුආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14වන ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයේ නියෝගයක් අධිකරණයට නිකුත් කළ නොහැකි බවත්,පා ගමන හෝ උද්ඝෝෂණය වැළැක්වීමට ප්‍රමාණවත් කරුණු අධිකරණය ඉදිරියේ නොමැති බවත් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

මෙම උද්ඝෝෂණය තුළින් පීඩාකාරී තත්ත්වයක් ඇතිවන බවට හෝ එය වැළැක්වීමට හදිසි අවශ්‍යතාවයක් ඇති බවට කරුණු ඉදිරිපත්ව නොමැති බවද සඳහන් කෙරිණි.

(ලංකාදීප)

Trending

Exit mobile version