පුවත්

ඉන්දීය විදේශ ඇමති මේ මස අගදී ලංකාවට

Published

on

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණිමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එළැඹෙන ජුනි 20 වනදා ඒ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි වාර්තා වේ.

පසුගියදා ඉන්දියාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී අතරමග නවතා දමා තිබූ ඉන්දීය ආයෝජන සමඟ ශ්‍රී ලංකාවේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම පිළිබඳව ආචාර්ය ජයිශංකර් මහතා ප්‍රකාශ කර තිබුණි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා තවදුරටත් පවසා ඇත්තේ, මෙම කටයුතුවල ප්‍රගතිය අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවය.

Trending

Exit mobile version