Connect with us

පුවත්

ඉන්දීය වීසා කාර්යාලට හොරු පැනලා; කන්ට්‍රි මැනේජර්ගේ ලැප්එක උස්සලා

Published

on

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධ තුම්මුල්ල පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි වීසා මධ්‍යස්ථානයේ ප්‍රධාන දේශීය නියෝජිතවරිය (country manager) රාජකාරි කටයුතු සඳහා පරිහරණය කරන ලැප්ටොප් පරිගණකය සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

මේ හේතුවෙන් වීසා කටයුතු ලබාදීම මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ සියලුම කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇතැයි පොලිසිය කියයි.

පැමිණි සොරුන් එම පරිගණකය සමග ඩි. වි. ආර් යන්ත්‍ර සහ අන්තර්ජාල පහසුකම් ලබා ගන්නා (hub) කොටසද රැගෙන ගොස් ඇතැයි පොලිස් නිලධාරියකු කීය.

ඉකුත් 15 දින අළුයම් කාලයේදී මෙම සොරකම වී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කිරුළපන දෙස සිට ත්‍රිරෝද රථයකින් පැමිණෙන පුද්ගලයන් තිදෙනකු එම වීසා මධ්‍යස්ථානයේ ඉදිරිපස ගේට්ටු කඩා අනතුරුව මහල් හතරකින් යුක්ත ගොඩනැගිල්ලේ ඉදිරිපස දොර කඩා ඇතුළු වී තෙවන මහල කරා ගොස් මෙම සොරකම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.

තෙවන මහලේ ප්‍රධාන නියෝජිතවරිය ගේ කාර්යාලය පිහිටා ඇති අතර ඒ සමගම තවත් ලැප්ටොප් පරිගණක හතරක්, රුපියල් ලක්ෂ 30 ක මුදලක් මෙන්ම අයිෆෝනයක් තිබී ඇතත් පැමිණි පුද්ගලයන් ඒවා කිසිවක් රැගෙන ගොස් නැතැයි ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කෙසේවුවද, මේ සිද්ධිය සමඟ ආරක්ෂක හේතු මත වසා දමුණු කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය අද (20) යළි විවෘත කර තිබිණි.

මූලාශ්‍රය – ලංකාදීප

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved