Connect with us

පුවත්

ඉන්දීය වීසා කාර්යාලය බින්ඳේ ඇතුළෙම කතක්!

Published

on

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධ තුම්මුල්ල පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි වීසා මධ්‍යස්ථානයට හොර රහසේ ඇතුලු වී එහි තිබු ලැප්ටොප්  පරිගණකයක්, සහ  සී සී ටී වී කැමරාවේ  දත්ත  පටිගත වන ඩී වී ආර් යන්ත්‍රයන්, කැමරාවක් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුලු සැකකරුවන් පස් දෙනකු ඊයේ (21) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය එම කාර්යාලයේ තේ සෑදීම හා ශූද්ධ පවිත්‍ර කටයුතු වල නිරත (63) හැවිරිදි  කම්කරු කාන්තාවක්  බව පොලිසිය පවසයි.

මෙම  කාර්යාලයේ දිනකට රුපියල් ලක්ෂ 30- 40 ක මුදලක් එක්රැස් වන බවත්, ඒවා සේප්පුවේ  තබා ඇති බවට ඉහත   සැකකාරිය ඇගේ (54) හැවිරිදි අනියම් පෙම්වතාට  කළ දැනුම් දීමකට අනුව එම සැකකරු  ගේ දැනුමී දී ම මත  ඔහුගේ  මිතුරකු  මෙම සොරකම සිදුකර ඇති බවද පොලිසිය කියයි.

සැකකාරියගේ අනියම් සැමියාගේ මිතුරා  තවත්  සැකකරුවන් තිදෙනකු සමග ඉකුත් ඉකුත් (14) අලුයම ත්‍රිරෝද රථයකින් මෙම කාර්යාලට පැමිණ  ඇති අතර, එක් සැකකරුවෙක් අවට   ඔත්තු බලමින් සිටියදි සැකකරුවන් දෙදෙනකු    එහි ජනේලයකින්   කාර්යාලය වෙත ඇතුලු වී ඇති බව පොලිසිය කියයි.

 සැකකරුවන් මුදල් සොයා  එහි තෙමහල් ගොඩනැගිල්ලේ සැරිසරමින්    ඇති බවත්, එහි සේප්පුව ඔවුනට විවෘත කර ගැනීමට නොහැකි වීම නිසා   ප්‍රධාන නිලධාරිණ’යගේ ලැප්ටොල් පරිගනකය සහ සී සී ටී වී කැමරා උපකරණ  (ඩී වී ආර් ) ගලවාගෙන පලාගොස් ඇත.

මේ සම්බන්ධයෙන් පොලිසිය එම මාර්ගයේ සී සී ටී වී කැමරා 100 ක් පමණ පරික්ෂා කර සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරගෙන කිරුළපන ප්‍රදේශයේ එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගෙන් හෙළි වු තොරතුරු අනුව සෙසු සැකකරුවන් තිදෙනා හා සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කාර්යාලයේ තිබී සොරාගත් ලැප්ටොප් පරිගනක යන්ත්‍රය සහ කැමරාව සැකකරුවන් දෙදෙනකුගේ නිවෙස් වල තිබී පොලිසිය සොයාගෙන ඇති අතර, ඩී වී ආර් යන්ත්‍රය  කිරුළපන ප්‍රදේශයේ ඇලකට දමා තිබියදි පොලිසිය සොයාගෙන ඇත.

සැකකරුවන් සහ සැකකාරිය කිරුළපන හා වැල්ලවත්ත අවට ප්‍රදේශ වල පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.

මෙම සොරකම හේතුවෙන් ඉකුත් (15) වැනි දින සිට වීසා මධ්‍යස්ථානය  දින 5 ක් පුරා වසා දමා  තිබු අතර, පසුගිය 20 වැනිදා එය යළි විවෘත කර තිබුණි.

සබැඳි පුවත්:

ඉන්දීය වීසා කාර්යාලට හොරු පැනලා; කන්ට්‍රි මැනේජර්ගේ ලැප්එක උස්සලා

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved