Connect with us

පුවත්

ඉන්දීය සමාගමක් තොග නිමාවේ ටැංකි හදන්න කොන්ත්‍රත් අරන් පොලු තියලා

Published

on

Update – ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කොළොන්නාව තොග නිමාව (CPSTL)  ආයතනයේ කොලොන්නාව නිමා භූමිය තුළ 2020 වසරේ අග භාගයේ දී තෙල් ටැංකි 6ක් ඉදිකිරීමට  ජේ.කේ. මුකර්ජි සමාගම් විසින් කොන්ත්‍රාත් ලබාගෙන ඇතත් මෙතෙක් ඉදිකර ඇත්තේ එක් තෙල් ටැංකියක් පමණක් බව වාර්තා වේ.

ජේ.කේ. මුකර්ජි යන සමාගම් විසින් ටෙන්ඩර් ගිවිසුමට පිටින් සහ ගිවිසුම කඩ කරමින් මේ තෙල් ටැංකි ඉදිකිරීම් කටයුතු ගෝපාල් නැමැති තවත් ඉන්දීය සමාගමක් වෙත පැවරීම හේතුවෙන් අදාළ තත්ත්වය ඇතිව ඇතැයි පැවසේ.

ගෝපාල් සමාගම සහ මුකර්ජි සමාගම මෙ ම ඉදිකිරීම් සම්බන්ධයෙන්ඩු නඩු මගට පිවිසීමත් සමග අදාළ තත්ත්වය තවත් ප්‍රශ්නගතව ඇති බව ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත වාර්තා වේ.

මෙවැනි ටැංකි ඉදිකිරීමට කිසිදු කුසලතාවයක් හෝ පළපුරුද්දක් නොමැති මෙම මුකර්ජි  සමාගමට අදාළ කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ තොග නිමාවේ ඉංජිනේරු අංශයේ ඉහළම නිලධාරියකු, හා 2020 වසරේ හිටපු ඇමතිවරයකුගේ ලේකම්වරියකගේ අවශ්‍යතාවකට බවද පැවසේ.

ඒසේම අදාළ මුකර්ජි සමාගමට නියමිත ඉදිකිරීම් නිම නොකළ ද තක්සේරුව ට වඩා වැඩි මුදලක් නියමිත කාර්තුවටත් කලින් ගෙවීම් සිද්ධ කර ඇති බවද වාර්තා වේ.

එසේ ගෙවන ලද මුදල රුපියල් මිලියන 500 ඉක්මවන බවද පැවසේ.

නිවරදි කිරීමයි –

අදාළ මුල් ප්‍රවෘත්තියේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කොළොන්නාව තොග නිමාව (CPSTL)  ආයතනයේ කොලොන්නාව නිමා භූමිය තුළ 2020 වසරේ අග භාගයේ දී තෙල් ටැංකි 6ක් ඉදිකිරීමට ඉන්ඩෝ ඊස්ට් පුද්ගලික සමාගම ද ක‌ොන්ත්‍රාත් ලබාගත් බවට පලව තිබූ අතර එම සමාගම කියා සිටිය‌ේ අදාළ ටෙන්ඩරය ඔවුන්ට නොලැබුණු බවයි.

කෙසේවුවද, ඉන් පසුව ක්‍රියාත්මක වූ තෙල් ටැංකි ඉදිකිරීමේ ටෙන්ඩරයක් ලැබුණු බවත්, එම ටෙන්ඩරයට අනුව ඉදිකිරීමට නියම වූ තෙල් ටැංකි 3ක් තම සමාගම විසින් ඉදිකර නැවත ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කොළොන්නාව තොග නිමාවට බාරදුන් බවද අදාළ ලිපියෙන් දක්වා තිබේ.

අදාළ ලිපිය පහත දැක්වේ.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved