පුවත්

ඉන්දීය සහය ඇතිව මුද්‍රණය කළ පෙළපොත් බෙදා දෙයි

Published

on

රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේදී ඉන්දීය සහය ඇතිව මුද්‍රණය කරන ලද පෙළ පොත් තොගයක්, මෙරට සිටින ඉන්දීය මහකොමසාරිස් – ගෝපාල් බාග්ලේ මහතා හා අධ්‍යාපන අමාත්‍ය – සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පසුගිය 09දා නිල වශයෙන් භාර දී ඇත.

ශ්‍රී ලංකාවට ලබා දුන් ඇ.ඩො. බිලියනයක ණය පහසුකමින් ඇ.ඩො. මිලියන 10කට අධික ප්‍රමාණයක් රාජ්‍ය මුද්‍රණ සංස්ථාව සහ පෞද්ගලික ආනයනකරුවන් විසින් ඉන්දියාවෙන් මුද්‍රණ කඩදාසි සහ ද්‍රව්‍ය ආනයනය කිරීමට යොදා ගන්නා ලදී.

2023 අධ්‍යයන වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිසුසිසුවියන් මිලියන 4 කට අවශ්‍ය පෙළපොත් අවශ්‍යතාවයෙන්  45% ක් මුද්‍රණය කිරීමට මෙය භාවිතා කර තිබේ.

මෙම දුෂ්කර සමයේදී ඉන්දියාව විසින් ලබා දුන් සහය අමාත්‍යවරයා හා රාජ්‍ය අමාත්‍යවරයා විසින් අගය කර ඇති අතර, මෙම අවස්ථාව අමතමින් ඉන්දීය මහ කොමසාරිස්වරයා පවසා සිටියේ ඉන්දියාවේ සහයෝගය ශ්‍රී ලංකාවේ සිසු දරු දැරියන්ගේ අනාගතය දීප්තිමත් කිරීමට පිටිවහලක් වනු ඇති බවයි.

Trending

Exit mobile version