පුවත්

ඉන්දීය සැපයුම්කරුවන්ගෙන් සෘජුවම ඖෂධ ගැනීමට තීරණයක්

Published

on

මෙරටට අවශ්‍ය ඖෂධ ඉන්දීය සැපයුම්කරුවන්ගෙන් සෘජුව මිලදී ගැනීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්තා මහතා පවසයි.

ලේකම්වරයා පැවුසවේ, ඊට අදාළ ඇනවුම් කිරීමේ කටයුතු ද මේ වන විට සිදුකර ඇති බවයි.

ඒ අනුව දැනට ඖෂධ වර්ග 150ක පමණ හිඟයක් රට තුළ පවතී.

එමෙන්ම ලේකම්වරයා පැවසුවේ, ලබා දුන් ඇනවුම් අනුව ඉදිරි දින 14 තුළ අදාළ ඖෂධ වර්ග මෙරටට ලැබෙනු ඇති බවයි.

ඉන්දීය ණය පහසුකම යටතේ, ඖෂධ වර්ග ඇතුළු අයිතම 1700ක් පමණ මෙරටට ලැබීමට නියමිත වුවත්, හටගෙන ඇති ප්‍රමාදයක් හේතුවෙන් මෙම ගැටලුව නිර්මාණය වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසී ය.

Trending

Exit mobile version