පුවත්

ඉන්දුනිසියානු ට්‍රෝලර් එකකින් ධීවර බෝට්ටුවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Published

on

මීගමුව ධිවර වරායෙන් ගොස් දකුණු මුහුදේ ධිවර කටයුතුවල යෙදි සිටියදි ඉන්දුනිසියානු බහුදින ධිවර යාතුාවකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිම නිසා පිලිස්සුම් තුවාල ලැබු ධිවරයකු ශ්‍රි ලංකා නාවික හමුුදාවේ ඩෝරා යාත්‍රායකින් ගාලු වරාය වෙත රැගෙන ඒමෙන් පසු ඊයේ (14) රාත්‍රි කරාපිටිය රෝහලට ඇතුලත් කරන ලදි.

මෙසේ පිළිස්සුම් තුවාල ලබා ඇත්තේ ත්‍රිකුණාමලය පදිංචි 33 හැවිරිදි ධිවරයෙකි.

තුවාල ලැබු ධිවරයා ඇතුලු පිරිස සචින්ත පුතා නමැති බහුදින යාත්‍රාවෙන් ඉකුත් 22 වැනි දින මුහුදු ගොස් දකුණු මුහුදේ ධිවර කටයුතුවල යෙදි සිටියදි  ඉන්දුනිසියානු බහුදින යාත්‍රාවකින් පෙට්‍රල් බෝමබ ප්‍රහාරයක් එල්ල කරඇත.

එහිදි තුවාල ලැබු ධිවරයා මෙරට මුහුදු සිමාවේ ගමන් කරමින් තිබු නෞකාවකට බාරදි ඇති අතර පසුව එම නෞකාව මගින් දක්ෂිණ නාවික හමුදා නිලධාරින්ට බාරදි ඇත.

(ඡායාරූපය : navy.lk)

Trending

Exit mobile version