Connect with us

පුවත්

ඉන්දු ලංකා මගී නෞකා සේවය නැවත්වූ බව වරාය අධිකාරිය කියයි

Published

on

ඊසාන දිග මෝසම් කාළගුණික තත්ත්වය හේතුවෙන් ඉන්දු ලංකා මගීප්‍රවහන නෞකා සේවයේ පලමු අදියරේ මෙහෙයුම් කටයුතු අවසන් කල බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි. 

ඊසාන දිග මෝසම් කාළගුණික තත්ත්වය සමනයවු පසු ලබන ජනවාරි සිට යලි මගීප්‍රවහන සේවා මෙහෙයුම් කටයුතු ආරම්භ කරණ බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කන්කසන්තුරේ වරායේමෙහෙයුම් භාර නිලධාරි සමන්පෙරේරා මහතා කියා සිටී.

 “චෙරියපාණි” නැමැතිමෙම නෞකාවෙන් එකවර මගීන් 150 කට ගමන් කල හැකි අතර ඉන්දියාවේ නාගපට්ටනන් වරායේසිට ලංකාවේ කන්කසන්තුරේ වරාය දක්වා මගිප්‍රවහන මෙහෙයුම් ආරම්භ කරණුලැබුවේ වසර 41 කට පසුව ඉකුත් ඔක්තෝබර් 14 වෙනිිිදාය.‍

මේ අතර මගීප්‍රවහන මෙහෙයුම් වලට අමතරව ඉදිරියේදි දෙරටේ භාණ්ඩ ප්‍රවහන මෙහෙයුම් ආරම්භ කිරිම කෙරෙහි අවධානය යොමුවි ඇති බව මෙහෙයුම් භාර නිලධාරි සමන්පෙරේරා මහතා පවසයි.

මෙය සාර්ථක  වුවහොත් උතුරේ භාණඩ ප්‍රවහන කටයුතු වලට වැඩි ඉඩක් ලැබෙන බවද ඒ මහතා පෙන්වාදී ඇත. 

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved