Connect with us

පුවත්

ඉන්දු – ශ්‍රී ලංකා රුපියල් වෙළඳ පියවීම් ගැන විද්වත් සාකච්ඡාවක්

Published

on

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ‘ඉන්දීය රුපියල් –  ශ්‍රී ලංකා රුපියල් වෙළඳ පියවීම්: ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම’ යන මැයෙන් වූ විද්වත් සාකච්ඡාවක් ඊයේ (25) කොළඹ දී පැවැත්වුණි. 

ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා සහ ඉන්දීය බැංකු මෙන්ම විවිධ වෙළඳ මණ්ඩල, මාධ්‍ය සහ විද්වත් සංවිධාන වැනි ආයතන නියෝජනය කරමින් ප්‍රධාන පාර්ශ්වකරුවන් රැසක් මේ සඳහා සහභාගී විය. 

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ද මෙම අවස්ථාවට එක්විය.

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පිළිගැනීමේ කතාව සිදු කරමින් අදහස් දැක්වූ අතර ඉන් අනතුරුව ඉන්දීය සංචිත බැංකුවේ ප්‍රධාන සාමාන්‍යාධිකාරී ආදිත්‍ය ගයිහා මහතා විසින් ඉන්දීය රුපියල ජාත්‍යන්තරකරණය සහ ඉන්දීය රුපියල් – ශ්‍රී ලංකා වෙළඳ පියවීම් පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. එතුමා අන්තර් දේශසීමා ගනුදෙනු වලදී ඉන්දීය රුපියල් සහ ශ්‍රී ලංකා රුපියල් භාවිතා කිරීම ඉහළ නැංවීම අරමුණු කරගෙන ඉන්දීය සංචිත බැංකුව විසින් මෑතක දී විදේශ විනිමය කළමනාකරණ පනතට සිදු කරන ලද සංශෝධන සම්බන්ධයෙන් ද විස්තර කළේය.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ඉන්දීය රුපියල් –  ශ්‍රී ලංකා රුපියල් වෙළඳ පියවීම් රාමුව සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කළේය. 

මෙම යාන්ත්‍රණයේ වැදගත්කම අවධාරණය කළ එතුමා යාන්ත්‍රණය සංවිධිතකරණයෙහිලා දෙරටෙහිම ප්‍රතිපත්ති සම්පාදකයන් සහ මහ බැංකු සමඟ නියැළෙන ලෙස බැංකු දිරිමත් කළේය.

මෙම මුලපිරීම ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් මෑතකදී සිදු කරන ලද ඉන්දීය සංචාරය අතරතුරදී ඉහළම මට්ටමේ නායකත්වය විසින් අවධාරණය කළ කැපවීම හා සමපාත වේ. 

එම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා හමු වූ අතර නායකයන් දෙපළ අතර පැවති සාකච්ඡාවන් හිදි දෙරට අතර වෙළඳ සහ ආයෝජන සබඳතා ගැඹුරු කිරීම සඳහා ඉන්දීය රුපියල් –  ශ්‍රී ලංකා රුපියල් වෙළඳ පියවීම් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඉහළ අවධානයක් යොමු විය.

පුවත්

ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා

Published

on

By

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු වූ විශාලතම විදේශ සෘජු ආයෝජනය (FDI) වන හම්බන්තොට සිනොපෙක් හි ඩොලර් බිලියන 3.7 ක ආයෝජන ව්‍යාපෘතියට ගිවිසුම්ගතව මාස හයක් ගතවී ඇතත් තවමත් අවිනිශ්චිතව පවතින බව වාර්තා වේ.

මෙම වසර මුලදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බීජිං වෙත කළ රාජ්‍ය සංචාරයේදී ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ ප්‍රමුඛ චීන ජාත්‍යන්තර ඛනිජ තෙල් සංස්ථාවක් වන සිනොපෙක් අතර මෙම ව්‍යාපෘතිය සඳහා ගිවිසුම අත්සන් කරන ලදී.

මෙම ඩොලර් බිලියන 3.7 ක ආයෝජනය යටතේ බැරල් 200,000 ක ධාරිතාවයකින් යුත් අති නවීන තෙල් පිරිපහදුවක් හම්බන්තොට ඉදිකිරීමට නියමිතය. 

පිරිපහදුවේ නිෂ්පාදනයෙන් සැලකිය යුතු කොටසක් අපනයනය සඳහා සැලසුම් කර ඇති අතර එමඟින් ජාතියේ විදේශ විනිමය ඉපැයීම් තවදුරටත් ඉහළ නංවයි. 

චීනයෙන් ලැබෙන මෙම ප්‍රධාන ආයෝජනය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ශක්තිමත් කරන අතරම හම්බන්තොට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ගේ ජීවනෝපායන් නංවාලීමට අපේක්ෂා කෙරේ. 

එපමණක් නොව, මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ නුදුරු අනාගතයේ දී සමස්ත ශ්‍රී ලාංකික ජනගහනයට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය මීට පෙර නිවේදනය කර තිබිණි.

මේ ගැටුම ඇතිව ඇත්තේ ඇත්තේ සිනොපෙක්ට එහි පිරිපහදු කළ නිෂ්පාදන දේශීය වෙළඳ පොළට ඉදිරිපත් කළ හැක්කේ 20%ක් පමණක් ලෙස සම්බාධක පැනවීම නිසා බව පැවසේ.

කෙසේවුවද, සිනොපෙක් සඳහා දේශීය වෙළඳපොළ කොටස පිළිබඳ තවමත් එකඟතාවයක් ඇතිව නොමැති බවද පැවසේ.

මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අනවබෝධ අවසන් කිරීමට සාකච්ඡා සිදුවෙමින් පවතින බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර, ෂැංහයි ජාත්‍යන්තර අධ්‍යයන ආයතනවල දකුණු ආසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සාමාජික සහ අධ්‍යක්ෂ මහාචාර්ය ලියු සොන්ගි මීට පෙර පැවසුවේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සිනොපෙක් මෙහි බාධකවලට මුහුණ දෙන බවයි.

මූලාශ්‍රය – ඩේලි මිරර්

සබැඳි පුවත්

හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදිකරන්න චීනය හා ගිවිසුමක් (වීඩියෝ)

සිනොපෙක් පිරිපහදු ව්‍යාපෘතිය ජුනි සිට වැඩ අල්ලයි

“අනුර ගෙනාපු චීන ආයෝජනය මුලින්ම ගේන්න හැදුවේ මහින්ද”

Continue Reading

පුවත්

තවත් ධීවර යාත්‍රා අනතුරකින් 2ක් අතුරුදහන්

Published

on

By

තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් අනතුරකට පත්ව තිබේ.

අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ ධීවර යාත්‍රාවේ ධීවරයින් 6ක් දෙනෙක් සිට ඇති අතර ඉන් සිව් දෙනෙකු දිවි බේරාගෙන ඇත.

ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්වී ඇති අතර ඔවුන් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවද වාර්ථා වේ.

ඔවුන් ධීවර කටයුතුවල නිරතවී ආපසු එමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති අතර ගල් පරයක හැපී මෙම අනතුර සිදුව ඇති බවත් වාර්තා වේ.

බේරාගත් ධීවරයින් දෙදෙනා මේ වන විට තංගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

පෙර දිනත් ධීවර යාත්‍රා 3ක් අනතුරකට පත්වෙයි

මේ අතර ඊයේ (28) දිනයේද ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්විය.

ඒ අනුව ඊයේ උදෑසන දෙවුන්දර ධීවර වරායෙන් පිටත් වූ ධීවර යාත්‍රාවක් අනතුරට පත්වූ අතර එහි සිටි ධීවරයින් 5 දෙනෙකුගෙන් දෙදෙනෙකු බේරා ගනු ලැබූ අතර තවත් ධීවරයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එක් ධීවරයෙක් තවමත් අතුරුදන්ව තිබේ.

කළුතර බේරුවල මොරගල්ල ප්‍රදේශයේදී ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක්ද අනතුරට පත්වූ අතර එහි සිටි ධීවරයින් දෙදෙනෙකු ඉන් අතුරුදන්ව තිබුණි.

හික්කඩුව ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක්ද ඊයේ පස්වරුවේ වරාය ආසන්නයේදීම අනතුරට පත්ව තිබුණි.

අනතුරට පත්වන අවස්ථාවේදී ධීවරයින් 6 දෙනෙකු යාත්‍රාවේ සිට ඇති අතර ඔවුන් දිවි බේරා ගැනීමට සමත් විය.

Continue Reading

පුවත්

යාපනේ ජනාධිපති මන්දිරයට අයිතිකාරයෝ අටක් !

Published

on

By

යාපනය ජනාධිපති මන්දිරය ඉදිකර ඇත්තේ යාපනයේ ජනතාවගේ ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීමෙන් බව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය කළ විමර්ශනයකදී තොරතුරු හෙළි වී ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මන්දිරයේ ඉඩමට අයිතිකරුවන් අට දෙනකු ඉදිරිපත්වීම හේතුවෙන් එම මන්දිරය ආයෝජකයෙකුට ලබාදීමට ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි ද පැවසේ.

 මෙම මන්දිරය ආයෝජකයෙකුට ලබාදීමට පෙර ඉඩමේ අවුල් සියල්ල නිරවුල් කරගත යුතු බව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා මාධ්‍යට පවසා ඇත.

ඉඩමේ අවුල් නිරවුල් කරගැනීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කර තිබේ.

යාපනයේ ජනාධිපති මන්දිරය විවිධ ආයෝජන සඳහා ලබා ගැනීමට කැනඩාවේ ආයෝජකයෙකු ඇතුළු පිරිසක් දැනටමත් ඉදිරිපත්ව ඇතැයි ද පැවසේ.

2010 2015 අතර කාල සීමාවේදී ඉදිකර ඇති යාපනය ජනාධිපති මන්දිරය පිහිටා ඇත්තේ කන්කසන්තුරේ ප්‍රදේශයේ අක්කර තිහක පමණ භූමිභාගයකය.

එම ඉඩමේ අක්කර පහළොවක් පුරා ගොඩනැගිලි ඉදිකර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved