Connect with us

පුවත්

ඉන්ධන බෙදා හැරීම ගජමිතුරන්ට

Published

on

ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වෙනත් පාර්ශවයක් වෙත අත්තනෝමතික ලෙස ලබා පියවර ගනිමින් සිටින් බව එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ භාණ්ඩාගාරික ජගත් පරාක්‍රම මහතා පැවසුවේ, මෙම වැඩපිළිවල ක්‍රියාත්මක වුවහොත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අර්බුදයට ලක්විය හැකි බවය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, ඉන්ධන ප්‍රවාහනයත් ඒකාධිකාරියකට යටත් කිරීමට උත්සාහයක් පවතින බවය.

“මේ වෙලාවේ ඉතාම විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා බවුසර් රථහිමියන්ට. මෙතෙක් කාලයක් තොග ගබඩාවලට බවුසර් රථවලින් තෙල් ඇද්දේ අපේ බවුසර් රථහිමියන් විසින්. මොකද අපි තමා මේ ලංකාවේ ප්‍රධානතම ප්‍රවාහන සේවාව කරන්නේ. 

අපි තෙල් ඇද්දේ නැත්නම් වෙන කිසිම කෙනෙක්ට දුවන්න තෙල් හම්බවෙන්නේ නෑ. නමුත් පහුගිය වසර දෙක තුනක කාලයේ සිට මේ ව්‍යාපාරය ගජමිතුරු ව්‍යාපාරිකයින් දෙතුන් දෙනෙකුට පවරලා දෙන්න ලෑස්ති වෙලා තිබුණා. අපි සංගමයක් විදියට මැදිහත් වෙලා කාලයක් පුරා ඒක නවත්තාගෙන තිබුණා. නමුත් මේ අවස්ථාවේ තමන්ගේ ගජමිතුරන් කිහිපදෙනෙකුට මේ ප්‍රවාහන සේවය පවරලා දෙන්න තමා මේ හදන්නේ.

බවුසර් එකක් දෙකක් තියෙන බවුසර් රථහිමියන් තමා, ගොඩක් වෙලාවට මේ ව්‍යාපාරයේ යෙදෙන්නේ. බවුසර් රථහිමියෝ 400 – 500ක් විතර මේ සංගමයේ ඉන්නවා. නමුත් මේ අය නියමු ව්‍යාපෘතියක් විදියට කොළඹ සහ මුතුරාජවෙල ඉඳලා කුරුණෑගල පර්යන්තය දක්වා තෙල් ප්‍රවාහනය කිරීම ටෙන්ඩර් මඟින් එක් මුදලාලි කෙනෙකුට භාරදෙන්න හදනවා. 

මෙහෙම ගියොත් අන්තිමට වෙන්නේ අනෙක් ප්‍රවාහන සේවාවන්ට සිදුවුණ දේ තමා. ඒ නිසා මේක වහාම නවත්තලා සාමාන්‍ය පරිදි ප්‍රවාහන සේවා ඒකාධිකාරියකට යටත් කරන්නේ නැතුව පොදු ජනතාවගේ සේවාවක් ලෙස කරන් යන්න අවස්ථාව දෙන්න.”

පුවත්

කොටස් වෙළෙඳපොළෙන් නව වාර්තාවක්

Published

on

By

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ වාර්තා කරන ලද ඉහළම අගය ඊයේ (09) දිනයේ දී සනිටුහන් වූ අතර එහිදී දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,161.49 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේකේෂව ඒකක 129.37ක ඉහළ යාමකි.

එහි දී සමාගම් 125ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර එය සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

අද (10) ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 5.98 ක් ලෙසය.

Continue Reading

පුවත්

ජුලි මාසයේ පළමු දින 6 දී සංචාරකයන් 36000ක් දිවයිනට

Published

on

By

2025 ජුලි මාසයේ පළමු දින 06 තුළ පමණක් 36,000 ඉක්මවු සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,204,046ක් කි.

ගෙවුනු 2024 වසරේ සංචාරකයන් ලක්ෂ 12 ඉක්මවා ඇත්තේ අගෝස්තු මාසයේදිය.

ජූලි මාසයේ පළමු දින 6 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව  8,053කි.

දෙවනුවට එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3,562ක්, ඕස්ට්‍රේලියාවෙන් 2,674ක් සහ චීනයෙන් 2,362ක්  සංචාරකයින් ලෙස මෙරටට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්

Published

on

By

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved