පුවත්

ඉන්ධන මිල සංශෝධනය කරයි

Published

on

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව, රු. 311ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 02කින් රු. 309 දක්වා අඩුවී ඇති අතර,  ලංකා භූමිතෙල් ලීටරයක මිල රු. 05කින් රු. 188ක් දක්වා වැඩිවී තිබේ. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රු. 03කින් රු. 386 දක්වා වැඩි කර ඇත.

ඔක්ටේන් 95 පෙට්‍රල් හා ලංකා සුපර් ඩීසල් වල මිල සංශෝධනය කර නැත.

ඒ අනුව එම ඉන්ධන වර්ග වල මෙසේය :

  • ඔක්ටේන් 95 – රු. 371
  • ලංකා සුපර් ඩීසල් – රු. 313

මේ අතර, සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන බව ලංකා IOC සමාගමද දැනුම්දෙයි.

Trending

Exit mobile version