Connect with us

පුවත්

ඉන්ධන මිල සංශෝධනය ගැන තෙල් සංස්ථාවෙන් හෙළිදරව්වක්

Published

on

ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී තිබෙන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ඩී.ජේ රාජකරුණා මහතා ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,

“ඉන්ධන මිල සූත්‍රයකින් තොරව ක්‍රියාත්මක වුණාම දේශපාලන අවශ්‍යතාවය මත මිල තීරණය කරනවා. ඡන්දයක් එනකොට මිල අඩුකරනවා. ආපහු වෙනස් කරනවා. අවසාන ප්‍රතිඵලය බිලියන 03ක් යනතුරු ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව රජ්‍ය බංකුවලට ණය තිබුණා. මොකද ගෙනාපු මිලට වඩා අඩුවෙන් විකුණලා.ඊට පස්සේ මේ මිල සූත්‍රය හරියට ක්‍රියාත්මක වුණාට පස්සේ මම හිතන්නේ පසුගිය අවුරුද්දේ බිලියන 120ක ලාභයක් තිබුණා. මේ වෙනකොට බිලියන 27ක් පෙට්‍රෝලියම් එකට ලාබයක් තියෙනවා.”

“එහි ප්‍රතිඵලයක් හැටියට දේශපාලනය මැදිහත් වෙලා මේක සාධාරණව ක්‍රියාත්මක නොකිරිම නිසා රටේ මතයක් ඇති වුණා පෙට්‍රෝලියම් එකට මේක කරගෙන යන්න බැහැ කියලා. අන්තිමට ඒ හින්දා වෙන සමාගම් ලංකාවට කැඳව්වා. දැන් ගැටලුව වෙලා තියෙන්නේ අපිට ස්වාධීනව කටයුතු කරන්න හැකියාවක් නැහැ. මේ වෙනකොට වෙන සමාගම් වෙළෙඳපොළේ ඉන්නවා. ඔවුන් එක්ක ගහපු මේ ගිවිසුම්වල හැටියට මේ මිල සූත්‍රයමයි 2022 ඉඳලා ඒ සමාගමුත් පාවිච්චි කරන්නේ.”අවසානයේ අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය මැදිහත්වෙලා මේ මිල සූත්‍රයට අනුව මිලක් තීරණය කරනවා. ඒකෙන් තමයි මේ මාසේ මිල තීරණය වුණේ. එතකොට 95වල සූපර් ඩීසල්වල ලෝක වෙළෙඳපොළේ මිලට සාපේක්ෂව ගත්තොත් අඩුකරන්න හැකියාවක් තියෙන නිසා අඩුවෙලා තියෙනවා.”

“ස්වාධීනව මේ මිල අපිට වෙන ඒවට දාලා සමහරවිට ඒවට අඩුකරන්නේ නැතුව අනිත් ඒවාගෙන් අඩු කර ගැනීමේ හැකියාව තිබුණා අනිත් සමාගම් නැතිනම්. දැන් තියෙන ගිවිසුම්වල හැටියට වැරදිලාවත් ඒ අයට පාඩුවක් වුණොත් සහ දැන් මේ ෆෝමියුලා එකේ එන මිලට වඩා ඒ අයගේ වියදම වැඩි වුණොත් අනිවාර්යෙන් රජය බැඳිලා ඉන්නවා ඒ අයට පාඩුව ගෙවන්න. එහෙම තමයි ගිවිසුමේ තියෙන්නේ. ඒකට අනුව අමාත්‍යංශයට Cලඉම් එවලා තියෙනවා. මාස තුනක් ඇතුළත රජය ඒ මුදල ගෙවන්න ඕනේ. අන්න එහෙම ලොකු ගැට ගැහිල්ලක් එක්ක තියෙන නිසා තමයි. ඇත්තටම අපිට මිල ඕනේ විදිහට වෙනස් කරගෙන යන්න බැරිවෙලා තියෙන්නේ.”

පුවත්

ඉෂාක්ට ජනපති අරමුදලින් මිලියනයක්!

Published

on

By

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාගේ සුවදුක් විමසීම සඳහා කොලොන්නාවේ පිහිටි ඒ මහතාගේ නිවෙසට ගොස් තිබිණි.

එහිදී ඉෂාක් බෙග් මහතාගේ ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලින් ලබා දීමට පොරොන්දු වූ රුපියල් 1,000,000 ක චෙක් පත ද ඒ මහතා වෙත පිරි නැමීම මෙහිදී සිදු විය.

Continue Reading

පුවත්

එක් ධීවර මළ සිරුරක් හමු වෙයි

Published

on

By

තංගල්ල පරවිවැල්ල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී බහුදින ධීවර යාත්‍රාවක් පෙරලීමෙන් අතුරුදන්ව සිටි ධීවරයින් දෙදෙනාගෙන් එක් ධීවරයෙකුගේ මළ සිරුර සොයාගෙන තිබේ.

ගුවන් හමුදාවේ ද සහය ඇතිව නාවික හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී අදාළ ධීවරයාගේ මළ සිරුර සොයාගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

ධීවරයින් 6 දෙනෙකු රැගත් “මැක්සිම් පුතා 1 “ නැමැති එම යාත්‍රාව ධීවර කටයුතු සඳහා ගොස් යලි ගොබිමට පැමිණෙමින් තිබියදී අනතුරට ලක්ව තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ ධීවරයින් හය දෙනෙකු සිට තිබු අතර ඉන් සිව්දෙනෙකු ඩිංගි බෝට්ටුවක් ආධාරයෙන් දිවි බේරාගෙන තිබේ.

අනතුරෙන් අතුරුදන් වු අනෙක් ධීවරයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

Continue Reading

පුවත්

නොවුඩ් ජාතික ජන බලවේගයේ සභිකයන් 6 ක් ස්වාධීන වෙයි

Published

on

By

දමිළ ප්‍රගතිශීලි සභිකයන් 5 දෙනකුගේ සහයෝගයෙන් නෝවුර්ඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරිපත් වූ ජාතික ජන බලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාට එම ධූරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් දෙන ලෙස එම පක්‍ෂය දැනුම්දීමට විරෝධය දක්වමින් එම සභාවේ ජාතික ජන බලවේගයේ එම පක්‍ෂයේ සභිකයන් 6 දෙනාම ස්වාධීන මන්ත්‍රීවරු ලෙස කටයුතු කිරිමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ජාතික ජන බලවේගයේ පක්ෂයේ නුවරඑළියේ ප්‍රධානියකුගේ තර්ජන සහ බලපෑම් හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සභිකයෝ පැවසූහ.

සභාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව එම පක්ෂයේ අනෙකුත් සභිකයන්ට ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක මංජුල සුරවීරආරච්චි මහතා එදින ඔවුන්ට දැඩි විරෝධය පාමින් පක්‍ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරිමට කිසිදු බලයක් ඔවුන්ට නොමැති බවත් එම සභාවේ සභාපතිධූරය ලංකා කම්කරු කොංග්‍රසයේ යෝජනා කරන සභිකයාට සහ උප සභාපතිධූරය තම පක්ෂයට ගැනිමට එකගතාවය පළකළ සිටියදි විපක්ෂයේ සභිකයන්ගේ සහයෝගය ඇතිව සභාපතිධූරය ගැනීම පක්ෂයේ විනයට පටහැනි බවත් ඔවුහු කියති.

එම සභාවට සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සදහා නම් දෙකක් ඉදිරිපත් වී ඇති නිසා සභාපතිවරයා තෝරා පත්කර ගැනිමට පැවති විවෘත ඡන්දයේදි ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත්වූ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා විවෘත ඡන්ද 12 කින් තේරී පත් වු අතර ලංකා කම්කරු කොංග්‍රසයෙන් සභාපති ධූරය සදහා ඉදිරිපත් වූ කනපති කුලන්දවේල් රවී මහතාට ඡන්ද 07ක් ලැබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved