සතිපතා රියදුරන්ට හිමිවන ඉන්ධන කෝටාව අවසන් වන දිනය ඉරිදා සිට අඟහරුවාදා දක්වා වෙනස්කිරීමට යෝජනා කර තිබුණේ බොහෝ කලකට ඉහතදී බවත්, එය පමා කරවන ලද්දේ ඛනිජ තෙල් විෂය භාර ඇමතිවරයා විසින් බවත් ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමය පවසයි.
ඉරිදා දිනයේදී ඉන්ධන බෙදාහැරීම සඳහා සේවකයන් සේවයේ යෙදවීම දිගින් දිගටම සිදුකළේ ඇමතිවරයාගේ අවශ්‍යතාවය හේතුවෙන් බව වගකීමෙන් ප්‍රකාශ කරන බවට එම සංගමය විසින් පළ කර මාධ්‍ය නිවේදනයක දැක්වේ.
“අප නිලධාරීන් මෙන්ම සේවකයන්ද ඉරිදා දින රාජකාරී කරවීම නතර කරවන ලෙස ඉල්ලීම් කළ අතර, හිටපු කළමනාකාර අධ්‍යක්ෂකවරයාත් කිහිප අවස්ථාවකදීම ඉරිදා දින රාජකාරි නැවැත්වීමට උත්සහ කළද එය වළක්වන ලද්දේ ඇමතිවරයාගේ මැදිහත්වීමෙන් බව අපි නැවත වරක් වගකීමෙන් ප්‍රකාශ කරමු. එයට හේතුව වූයේ ඉරිදා දින නිවාඩු ලබාදීම ඇමතිවරයා විසින් වළකන ලද්දේ ඉරිදා බෙදාහැරීම් නතර කර කළහොත් සඳුදා දින තෙල් පෝලිම් ඇතිවේය යන අනියත බිය නිසාවෙනි,” යැයි එම මාධ්‍ය නිවේදනයේ දැක්වේ.
කෙසේවෙතත්, සතිපතා කෝටාව අවසන් වන දින අඟහරුවාදා දක්වා වෙනස්කිරීමෙන්, ඛනිජතෙල් සේවකයන් ඉරිදා දින සේවය කරමින් අනවශ්‍ය ලෙස ලබාගත් අතිකාල විශාල ප්‍රමාණයක් ඉතිරිකරගැනීමට හැකි වූ බවට පසුගියදා පැවසීමෙන්, ඇමතිවරයා පෙන්වා දෙන්නේ ඉරිදා දිනය සේවයේ නිරතවූයේ සේවකයන්ට අතිකාල ලබාගැනීමේ කූට අවශ්‍යතාවවක් නිසා බව ඔවුන් වැඩිදුරටත් පවසයි.
මෙමගික් ඇමතිවරයා මහජනතාව හරහා ඛනිජතෙල් සේවකයන් කෙරෙහි වෛරයක් ඇතිකිරීමට දරණ උත්සහය පිළිකුලෙන් හෙළාදකින බව ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමය කියා සිටියි.
ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය :