පුවත්

ඉන්ධන හිඟයක් නැහැ – ඇමති

Published

on

ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් කලබල නොවන මෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය – කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා අයි.ඕ.සී සමාගම සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ඇතැම් ප්‍රදේශවල යම් ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇත්තේ මිල සංශෝධනය සැලකිල්ලට ගනිමින් ඇතැම් ඉන්ධනහල් හිමියන් ඉන්ධන ඇණවුම් නොකිරීම හේතුවෙන් බවයි.

අලෙවි නියෝජිතයින් විසින් 50%ක අවම ඉන්ධන තොගයක් සෑමවිටම පවත්වාගෙන යායුතු වන අතර, ඒ ආකාරයෙන් කටයුතු නොකරන ඉන්ධනහල් සමාලෝචනය කර ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවන ලෙස ඛනිජ තෙල් සංස්ථාව වෙත තමා දැනුම් දුන් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

Trending

Exit mobile version