Connect with us

පුවත්

ඉන්ධන හිඟයක් !

Published

on

ඉදිරි දින කිහිපයේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අනතුරු අඟවයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අලෙවි කළමනාකරු සහ ප්‍රාදේශීය කළමනාකරුවන් චෙක්පත්වලට ඉන්ධන ඇණවුම් ලබාදෙන බවට පවසා තිබියදී, එහි මූල්‍ය අංශයේ ප්‍රධානියකු මුදල්වලට පමණක් ඉන්ධන ඇණවුම් ලබා දෙන බවට ප්‍රකාශ කිරීම ඊට හේතුව බවද එම සංගමය කියා සිටී.

මේ හේතුවෙන් ඊයේ (05) පිරවුම්හල් රැසකට ඇණවුම් ලබා ගැනීමට නොහැකි වී ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවෝ පැවසූහ. 

පෝය දිනයක් වූ ඊයේ බැංකු වසා තැබීම හේතුවෙන් මුදල් ලබා ගැනීමේ අපහසුතා ඇතිවූ බවද එම සංගමය පැවසීය.

ඉන්ධන කෝටාව වැඩි කිරීමත් සමග ජනතාව අඛණ්ඩව ඉන්ධන ලබාගැනීමට පැමිණියද ඉන්ධන සැපයුම අඩාල වන ලකුණු පෙනෙන්නට ඇතැයි ද එම සංගමය අනතුරු අඟවයි.

උත්සව සමයයේදී ඉන්ධන සැපයුම මෙලස අඩාළ වන්නේ නම් පාරිභෝගිකයන්ට දැඩි දුෂ්කරතාවන්ට පත්වීමට සිදුවනු ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය කියයි.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved