Connect with us

පුවත්

ඉම්රාන්ගේ Sex කතා රටවටේම ප්‍රචාරය වෙයි!

Published

on

පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කාන්තාවන් දෙදෙනෙකු සමග කළ බව කියන “ලිංගික අදහස්” (sex calls) ඇතුළත් හඬ පට කිහිපයක් සමාජ මාධ්‍යවල ශීඝ්‍රයෙන් හුවමාරු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් ඔහුගේ පාර්ශවය සඳහන් කර ඇත්තේ, අදාළ හඬපට ව්‍යාජ ඒවා බවත් එය ඉම්රාන් ඛාන්ගේ චරිතය ඝාතනය කිරීමේ උත්සහයක් බවත් ය.

පකිස්තාන ජනමාධ්‍යවේදියෙකු වන සයිඩ් අලි හයිඩර් විසින් අදාළ හඬ පට සිය යූටියුබ් නාලිකාවේ පළ කර ඇති අතර ඒවා තදුරටත් එම නාලිකාවේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

“ඉම්රාන් ඛාන් ලෙස බොහෝ දෙනෙකුට පෙනී ඉන්න පුළුවන්. මේ ඔවුන්ගෙන් එක් අයෙකු විය හැකියි. මේ හඬපට ගැන රස පරීක්ෂක වාර්තාවක් ලබා ගෙන නැහැ,” සයිඩ් අලි හයිඩර් ප්‍රකාශ කර තිබේ.

වාර්තා අනුව, ඉන් එක් හඬ පටයක් 2008 වසරේ සැප්තැම්බර් මාසය දක්වා දිවෙන පරණ හඬ පටයක් වන අතර එහි මුෂාරෆ් යනාදීන් ගැන සඳහන් කළ බව සංවාදයෙන් පැහැදිලි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අනෙක් හඬ පටය මෑතකාලීන එකක් යැයි විශ්වාස කෙරෙන අතර එහි නිර්නාමික කාන්තාවක ඇගේ “රහසිගත ප්‍රදේශවල ඇති වේදනාවක්” සම්බන්ධයෙන් සඳහන් කර තිබේ.

ඉම්රාන් ඛාන් ඔහුගේ පවුලේ අය සහ දරුවන් පැමිණෙන බවට හැඟවෙන ප්‍රකාශයක් කරමින්, ඇයට ඒ පිළිබඳව දැන ගැනීමට සලස්වා දෙදෙනා ඊළඟ දිනයේ හමුවීමට සැලසුම් කර ඇති බව ද එහි සඳහන් යැයි විදෙස් මාධ්‍ය වැඩිදුරට ත් වාර්තා කර තිබේ.

පුවත්

මාස 7කට, වෙඩිතැබීම් 79ක් – ජීවිත 52ක් අහිමිවෙයි

Published

on

By

ගතවූ මාස 7 තුළ වෙඩිතැබීමේ සිදුවීම් 79ක් සිදුව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 21 වන දින සිට ඊයේ (08) දක්වා වූ කාලය තුළ සිදුව ඇති එම වෙඩිතැබීම්වලින් පුද්ගලයින් 52ක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයින් 35ක් තුවාල ලබා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම වෙඩිතැබීම්වලින් 62ක් සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් සිදුකර ඇති අතර, වෙඩිතැබීම් 17ක් අනෙකුත් ඒවා වේ.

කෙසේවෙතත් මේ වනවිට වෙඩිතැබීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 260ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 229ක් සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් වන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

පාතාලය මර්දනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග රජය විසින් ගෙන ඇති අතර, පසුගිය 2022, 2023 සහ 2024 යන කාලය දෙස බැලීමේ දී අපරාධවල කැපීපෙනෙන වර්ධනයක් සිදුව නොමැති බව ද පැවසු අමාත්‍යවරයා, කුමන තත්ත්වයක් තුළ ද අහිමිව යන්නේ මනුස්ස ජීවිතයක් බව ද සඳහන් කළේය.

රජය විසින් මේ සම්බන්ධයෙන් ඉහළ තීන්දු ගෙන ඇති අතර, නව රජය බලයට පත්වීමෙන් අනතුරුව වෙඩි තැබීම්වල බරපතළ වර්ධනයක් ඇතැයි පිළිගත නොහැකි බව ද පැවසීය.

“මේ පාතාලය මර්දනය කිරීම පිළිබඳව දශමයකින් හෝ අපේ ධෛර්ය අඩුවෙලා නෑ. අපි ඒ වෙනුවෙන් තීන්දු තීරණ රාශියක් අරගෙන තියෙනවා. ඒ අනුව දැක්මක් සැලසුමක් අනුව අපි මේ කටයුත්ත කරමින් ඉන්නවා. ඒක මත්ද්‍රව්‍ය සහ පාතාලය දෙකම ඒකාබද්ධව. ඒ වගේම මේ වෙඩිතැබීම් ගැන අධ්‍යයනය කරපුවහම 2022,2023,2024 කැපී පෙනෙන වර්ධනයක් දකින්න නෑ. නමුත් අපි කිසිදු වෙඩිතැබීමක් ලඝුකොට තකන්නේ නෑ. හැම මනුස්ස ජීවිතයක්ම වටිනාකමක් සහිතව සලකමින් කටයුතු කරන්නේ. ඒ නිසා පාතාල මර්දනය ගැන අපි රජයක් විදියට ගන්න පුළුවන් ඉහළම තීන්දු තීරණ අරගෙන තියෙනවා.”

Continue Reading

පුවත්

ජනාධිපති කාර්යාලයේ  අධි සුඛෝපභෝගී වාහන  වෙන්දේසියේ  දෙවන අදියර ඇරඹේ

Published

on

By

ජනාධිපති කාර්යාලයේ  සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන්  ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.

විකිණීමට නියමිත වාහන 1991 සිට 2016 දක්වා වූ විවිධ වර්ෂවල නිෂ්පාදිත වාහන ඇතුළත්ය.

මෙම වාහන අතර බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 02ක්, ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්, හුන්ඩායි ටෙරකන් ජීප් රථ 01ක්, ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක්, මිට්සුබිෂි මොන්ටේරෝ රථ 01ක්, නිසාන් පෙට්‍රල් රථ 03ක්, නිසාන් වර්ගයේ මෝටර් කාර් 02ක්, පෝර්ෂ් (Porsche) කේයින් මෝටර් රථ 01ක්, ස්සෑන් යං රෙක්ස්ටන් වර්ගයේ ජීප් රථ 05ක්, ලෑන්ඩ් කෘසර් සහරා වර්ගයේ ජීප් රථ 01ක්, වී 08 රථ 06ක්, සහ මිට්සුබිෂි රෝසා වර්ගයේ වායු සමීකරණය කළ බස් රථ 01ක් වේ.

මීට අදාළ ටෙන්ඩර් පත්‍රිකා මැයි 14 වැනිදා දක්වා කාර්යාල දිනයන්හිදී පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා  ජනාධිපති කාර්යාලයේ, සෙමා ගොඩනැගිල්ලේ, 2වන මහලේ පිහිටි මූල්‍ය අංශයෙන් ලබා ගත හැකිය.

එමෙන්ම මැයි 14 වැනිදා දක්වා අංක 93, ජාවත්ත පාරේ පිහිටි සළුසල ආයතන පරිශ්‍රයේදී එම වාහන පරීක්ෂා කිරීමට ද අවස්ථා සලසා ඇත.

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන  වෙන්දේසියේ පළමු අදියර යටතේ
මීට පෙර සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට අදාළ වෙන්දේසියක් පවත්වනු ලැබීය.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම වාහන විකිණීමට තීරණය කර ඇති අතර, පෙර වෙන්දේසියේදී ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක් ඇතුළු විවිධ වර්ගයේ වාහන 15ක් විකුණා තිබේ.

මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩල වෙත ලබා දී තිබූ වාහන නොවන අතර,  හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  41 (1) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිතා කළ වාහන වේ.

මේ පිළිබඳව නිකුත් කර ඇති දැන්වීම මේ සමඟ අමුණා ඇත.

Continue Reading

පුවත්

විශ්වවිද්‍යාල සඳහා Online ලියාපදිංචිය අද සිට

Published

on

By

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත Online ක්‍රමයට විශ්වවිද්‍යාලවල ලියාපදිංචි කිරීම අද (09) සිට ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

https://www.ugc.ac.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා පහසුකම් සලසා ගත හැකි බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

එමෙන්ම ලබන 30වනදා මධ්‍යම රාත්‍රි 12.00 දක්වා ලියාපදිංචී වීම සිදු කිරීමට හැකියාව ඇත.

පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත පිරිස 43,300ක් බවයි වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved