පුවත් ඉරාජ්ගේ අලුත් කලාවට මහජන විරෝධයක්! (ඡායා) Published 2 years ago on February 23, 2023 By editor “අලුත් කලාවක්” ලෙස නම් කරමින් ගායක ඉරාජ් වීරරත්න විසින් හෙට (24) ගාල්ල පාපන්දු පිටියේ පැවැත්වීමට සැලැසුම්කර ඇති සජීවී සංගීත සංදර්ශනයට ප්රදේශවාසීන්ගෙන් විරෝධය එල්ලවී ඇතැයි ශ්රී ලංකා මිරර් වෙත වාර්තා වේ. ඒ අදාළ සංගීත සංදර්ශනය පැවැත්වීමට ගාල්ල පාපන්දු පිටිය යොදා ගැනීම නිසාය. එහි ප්රදේශවාසී පාපන්දු ක්රීඩකයන් හා පාපන්දු ලෝලීන් කියා සිටින්නේ මේ සංගීත සංදර්ශනය හේතුවෙන් එම ක්රීඩා පිටිය විනාශයට පත්වන බවයි. කොරෝනා වසංගතය හේතුවෙන් වල් බිහිවී විනාශවී තිබූ මේ පාපන්දු පිටිය පස් යොදා නැවත පිළිසකර කර ඇත්තේ ප්රදේශවාසීන් විසිනි. කෙසේවුවද, එම පාපන්දු පිටියේ සංගීත ප්රසංගය පැවැත්වීමට අවසර ලබාදී ඇත්තේ පොදුජන එක්සත් පෙරමුණෙන් (පොහොට්ටුව) ගාල්ල නගරාධිපති ධූරයට පත්වූ ප්රියන්ත ජී. සහ බන්දු මහතා විසින් බව වාර්තා වේ. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 week ago ඇමති සමන්ත, ජනපති පත් කළ තල් සභාපතිගේ වැඩ තහනම් කරයි