පුවත්

ඉරාන ජනපතිට PSD ආරක්ෂාව දෙන්න යයි!

Published

on

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම සඳහා ලබන 24 වැනි දා මෙරටට පැමිණීමට නියමිත ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ගේ සම්පූර්ණ ආරක්ෂාව ජනාධිපති ආරක්ෂක ඒකකය වෙත භාරගෙන ඇතැයි වාර්තා වේ.

ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරයේදී ජනාධිපති ආරක්ෂක ඒකකය සමීපතම ආරක්ෂාව සපයන අතරේ යුද හමුදා කමාන්ඩෝ බළකාය ඇතුළුව ත්‍රිවිධ හමුදා මගින් අනෙකුත් ආරක්ෂක විධිවිධාන සැපයීමට නියමිතය.

ඉරාන ජනාධිපතිවරයා මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණෙන මොහොතේ ප්‍රභූ සම්මාන උත්තමාචාර පෙළපාළි පවත්වා උමා ඔය වෙත රැගෙන ගොස් නැවත ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට කොළඹට රැගෙන ඒමට නියමිතය.

ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් හා ආරක්ෂක ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ද ඊයේ (18) පවත්වා තිබේ.

මේ අතර, ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ සංචාරය සම්බන්ධව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉහළ පෙළේ නිලධාරීන් ශ්‍රී ලංකා රජයට විරෝධය පළකර ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.

පසුගිය දිනවල මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණ ඇති ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙලෙස තම විරෝධය පා ඇතැයි ද එම වාර්තාවල වැඩි දුරටත් දැක්විණි.


සබැඳි පුවත්
ඉරාන ජනපතිගේ ලංකා සංචාරයට ඇමරිකාවේ විරෝධය – Sri Lanka Mirror – Right to Know. Power to Change

Trending

Exit mobile version