පුවත්

ඉරාන ජනපති ලංකාවේ සංචාරයක

Published

on

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි  ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

ඒ, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයට සහභාගි වීමේ අරමුණිනි.

මෙම  උත්සවය ලබන 24 වනදා පැවැත්වීමට නියමිතය.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී ආරම්භ කිරීම සිදුවිය.

මෙගාවොට් 60ක ධාරිතාවයකින් යුත් ප්‍රධාන ජල විදුලි බලාගාර දෙකක් ද ව්‍යාපෘතියට ඇතුළත් වන බව සඳහන් වන අතර ,මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ඉරාන සමාගම්වල විශිෂ්ටතම තාක්ෂණික හා ඉංජිනේරු සේවා ව්‍යාපෘතියක් ලෙස සැලකේ.

Trending

Exit mobile version