ඉරාන ජනාධිපති මොහොමඩ් රයිසි මහතාගේ අභාවය වෙනුවෙන් සොව පළ කරමින් පාර්ලිමේන්තුව විනාඩියක නිහඬතාවයක් ආරක්ෂා කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියල්ලෝම අසුනින් නැගිට සොව පළ කිරීමට එක්වූහ.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් විනාඩියක නිහඬතාවයක් ආරක්ෂා කළ යුතු බවයි.