පුවත්

ඉරාන තානාපති – විදේශ කටයුතු අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්

Published

on

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

තම X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍ය විජිත හේරත් මහතා පවසා ඇත්තේ, ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවය.

කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා තිරසර රාජතාන්ත්‍රික උත්සාහයන්හි වැදගත්කම ඉරාන තානාපතිවරයාට මෙහිදී අවධාරණය කළ බව අමාත්‍යවරයා සඳහන් කරයි.

එසේම, ගැටුම් තවදුරටත් උත්සන්න වීමෙන් කලාපයට සහ ශ්‍රී ලංකාවට ඇති වන බලපෑම් මෙන්ම ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ඔහු පවසයි.

Trending

Exit mobile version