Connect with us

පුවත්

ඉරිදා උපකාරක පන්ති ගැන තීරණයක්?

Published

on

ඉරිදා දිනයේ දී දහම් පාසල් පැවැත්වෙන කාලසීමාව තුළ සාමාන්‍යපෙළ සහ උසස්පෙළ හැර අනෙකුත් ශ්‍රේණි වලට උපකාරක පංති පැවැත්වීම ගැටළුවක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා පවසයි.

අද (08)  පාර්ලිමේන්තුවේ දී මෙම ගැටළුව සම්බන්ධයෙන් රජය වශයෙන් කිසියම් තීන්දුවක් හෝ නියාමනයක් ගෙන ඇත්ද යන්න අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගෙන් මන්ත්‍රීවරයා විමසා සිටියේය.

ඊට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ආගමික නායකයින්ගෙන් ද විවිධ ඉල්ලීම් ලැබී ඇති බවය.

අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා සිදුකරමින් පවතින බවත්, ඒ අනුව සුදුසුම පියවර ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

මේ අතර පෞද්ගලික උපකාරක පංති නියාමනය කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ කිසිඳු පුතිපත්තියක් මේ වනවිට ක්‍රියාත්මක නොවන බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.

පුවත්

හෙට රස්නය, අවධානය යොමුකළ යුතු මට්ටමක

Published

on

By

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (17)  දිනයේ දී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වලත්, රත්නපුර, මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම තත්ත්වය තුළ එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමාකරන ලෙසත්, ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Continue Reading

පුවත්

ඇමෙරිකානු තීරු බදු : ආණ්ඩුව ගන්න පියවර ගැන රටට කියන්න – රනිල්

Published

on

By

ඇමරිකාව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් පළමුව ඇමරිකාව සමග සාකච්ඡා කළ යුතු අතර පසුව දේශීය වශයෙන් ප්‍රශ්න විසඳන ආකාරය ගැන සැලසුම් කළ යුතු යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් වික්‍රමසිංහ මහතා මෙසේ පවසා තිබේ.

ආණ්ඩුව ගන්නා පියවර කුමක්ද යන්න පිළිබඳව ප්‍රකාශයක් නොකළොත් නොයෙක් ප්‍රශ්න ඇති විය හැකි බවත්, මෙම අලුත් තත්ත්වයට මුහුණ දීම සඳහා රජයෙන් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනු ඇතැයි තමන් ප්‍රමුඛ සියලු රටවැසියන් බලාපොරොත්තු වන බවත් ඔහු පවසයි.

මෙම බද්ද නවතාලිය නොහැකි බවත්, අනිවාර්යයෙන් ම එය ක්‍රියාත්මක වන බවත්, රැකියා නොමැති වීම මෙහි එක් බලපෑමක් ලෙස සැලකිය හැකි බවත්, ලක්ෂයකට පමණ රැකියා නැති වනු ඇතැයි විශ්වාස කරන බවත්, අහිමි වන රැකියා ප්‍රමාණය ලක්ෂය වුව ද, ඊට අඩු වුව ද ඒ ප්‍රමාණය විශාල බව හෙතෙම අවධාරණය කරයි.

වික්‍රමසිංහ මහතා ගේ ප්‍රකාශය මෙසේය :

(වීඩියෝ : VoiceTube)

Continue Reading

පුවත්

පිල්ලෙයාන් මොකද කිව්වේ? ගම්මන්පිල හෙලි කරයි (වීඩියෝ)

Published

on

By

පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් අද (16) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී හමුවීම සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුවේදී ගම්මන්පිළ මහතා විස්තර දැක්වීය.

මෙහිදී අදහස් පලකරමින්,

“මම අද මේ පවත්වන මාධ්‍ය හමුව ජීවිතයේ කිසිම දිනක පැවැත්වීමට බලාපොරොත්තු නොවූ මාධ්‍ය හමුවක්. 

මම පිල්ලෙයාන් හමු වුණේ දේශපාලකයෙකු ලෙස නොවේ. නීතිඥයෙකු ලෙස. මම මගේ දේශපාලන ජීවිතයත් වෘත්තීය ජීවිතයත් ඉරක් ගහලා වෙන් කරගෙන කරන්නේ. ඒ නිසා මම සීඅයිඩියට යෑමට පෙරවත් යෑමෙන් පසුවත් මාධ්‍යයන්ට ඒ ගැන කිව්වේ නෑ. 

මම පිල්ලෙයාන් හමු වුණු බව මාධ්‍ය වලට කියන්න එපා කියලා සීඅයිඩී පරිපාලන ස්ථානාධිපති මගෙන් ඉල්ලීමක් කළා. එතකොටත් මම “බය වෙන්න එපා. මම නීතිඥ ආචාර ධර්ම දන්නවා” කියලා එතුමාට කිව්වා. 

නමුත් ඊ ළඟට සිදු වුණු දේ තමයි පොලිසිය ඉතිහාසයේ කවදාවත් නොවුණු අයුරින් දේශපාලනිකරණය වෙලා කියන එකට හොඳම නිදසුන…..

… පිල්ලෙයාන්ගේ ප්‍රකාශයේ තිබුණාය කියලා විවිධ කරුණු සමාජ මාධ්‍ය වල වාර්තා වෙනවා. මීට කලින් සිදුවෙලා තිබෙන්නේ යමක් රටට ප්‍රකාශ කළ යුතු නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සියළුම මාධ්‍ය වලට එක පාර කියනවා මිස තමන් තෝරා ගත් මාධ්‍ය වලට විතරක් කියන්නේ නෑ. නමුත් පොලිසිය සහ ආණ්ඩුව විසින් මා පිල්ලෙයාන් හමු වීමට දැවැන්ත ප්‍රසිද්ධියක් ලබා දීම නිසා මාධ්‍ය නිරන්තරයෙන් මගෙන් තොරතුරු විමසන නිසා මට අද මේ මාධ්‍ය හමුව පවත්වන්න සිදු වුණා….”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved