Connect with us

පුවත්

ඉස්පිරිතාලවල ලයිට් කපන්න යයි; විදුලියට ‌බිලියන 3ක ‌පොල්ලක්

Published

on

රෝහල්වල හා සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතනයන්හි මේ වන විට රුපියල් බිලියන තුනක විදුලි බිලක් එකතු වී ඇතැයිද එය නොගෙවුවහොත් එම ආයතනවල විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රෝහල් හා ආයතන හාරසීයකට අධික සංඛ්‍යාවක් දිවයින පුරා විසිරී තිබේ. 

හිඟ විදුලිබිල ගෙවා අවසන් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරට දන්වා සහන කාලයක් ලබාගෙන ඇත. 

මේ සම්බබන්ධයෙන් කළ විමසීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාද මේ බව තහවුරු කළේය.

ඖෂධ මිලදී ගැනීම සඳහා මසකට රුපියල් බිලයන 13.5ක් අවශ්‍ය බවත් ඉදිරි මාස හයක කාලය සඳහා රුපියල් බිලයන හැට හතක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය. 

කෙසේවුවද මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මෙහිදී පවසා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රමාණවත් මුදල් මුදා හැර තිබුණත් ඒවායින් කුමක් කරනවාදැයි ගැටලුවක් මතුව ඇති බවයි. 

එමෙන්ම ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේ දී ප්‍රසම්පාදන කටයුතුවල ද ගැටලුවක් ඇතැයි මෙම සාකච්ඡාවේ දී අනාවරණය වී තිබිණි.

එමෙන්ම පසුගිය කාලයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මිලදී ගත් ඖෂධ හා වෛද්‍ය උපකරණ වෙනුවෙන් අදාළ ආයතනයන්හි හිඟ බිල්පත් වෙනුවෙන් රුපියල් බිලයන තිහක් ගෙවීමට ඇති අතර එම මුදල නොගෙව්වහොත් ඖෂධ සැපයීමට බාධා විය හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට එම ආයතන විසින් අනතුරු අඟවා තිබේ.

මෙම සාකච්ඡාව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති උපදේශක සාගල රත්නායක ඇතුළු සෞඛ්‍ය හා මුදල් අමාත්‍යාංශ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පෙරේදා (07 වැනිදා) පැවැත්විණි.

එමෙන්ම රෝහල්හි අබලන්ව ඇති වෛද්‍ය උපකරණ අලුත්වැඩියා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් බිලියන හතරක් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, මුදල් අමාත්‍යාංශය හා ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක එස්.එච්.ආර්. සමරතුංග සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසියම් හෝ නොසැලකිල්ලකින් කවර හෝ රෝගියෙකුට යම් පීඩාවක් සිදු වන්නේ නම් ඒ පිළිබඳව නිදහසට කරුණු ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මෙහිදී අවධාරණය කර ඇත.

මූලාශ්‍රය – අරුණ

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved