පුවත්

ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවය විසුරුවා හැරීමේදී උණුසුම් තත්ත්වයක්

Published

on


අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් විසුරුවා හැරීම සඳහා පොලීසිය මේ වනවිට කටයුතු කර තිබේ.

එම අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

උණුසුම් තත්ත්වය අතරතුර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර, උද්ඝෝෂකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද දහවල් විරෝධතාවක් සංවිධාන කර තිබුණි.

ඒ, පාසල් සංවර්ධන නිලධාරීන් වහා ගුරුසේවයට බඳවා ගන්නා ලෙස රජයට බලකරමිනි.

බත්තරමුල්ලේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පාගමනින් පැමිණි විරෝධතාකරුවන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත විය.


(පෙර පුවත් 2024 දෙසැම්බර් 02 ප . ව 02:04)

ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයක්


ඉසුරුපාය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් බොරැල්ල – කොට්ටාව 174 බස් මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී තිබේ.

පාසල් වල ඉගැන්වීම් කරනු ලබන සංවර්ධන නිලධාරීන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති බව වාර්තාවේ.

ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ව ගුරුසේවයට අනුයුක්ත කර සේවයේ ස්ථීර කරන ලෙසය.

Trending

Exit mobile version