කොම්පඤ්ඤවීදිය, යූනියන් පෙදෙස ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින නිවාස සංකීර්ණයක ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කරමින් සිටි චීන ජාතිකයෙකු ඉහළ මහලක සිට බිමට වැටී මියගොස් තිබේ.
එම ගොඩනැගිල්ලේ අට වැනි මහලෙන් එම පුද්ගලයා බිම ඇද වැටී ඇති බව පොලිසිය ප්‍රකාශ කර සිටියි.
බරපතළ තුවාල ලබා සිටි චීන ජාතිකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙන බව වාර්තා වේ.
එම ගොඩනැගිල්ලේ සහකාර ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කළ ඇති 24 හැවිරිදි චීන ජාතික අයෙකු මෙසේ මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය.