අයහපත් කාලගුණයත් සමග ඊයේ (08) රාත්‍රියේ බලපෑ අධික ශිත තත්ත්වය හමුවේ උතුරු පළාතේ ගවයින් සහ එළුවන් 500ක් පමණ මියගොස් ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නුවන් හේවාගමගේ මහතා කියයි.
මේ අතර, අධික සීතලෙන් සතුන් ආරක්ෂා කරගැනීම සඳහා ගොවි ජනතාව දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බවද මේ අතර වාර්තා වේ.
ඒ සඳහා ගොවි ජනතාව විසින් දර සහ වෙනත් ද්‍රව්‍ය යොදා ගනිමින් ගිනිමැල ගැසීම් සිදුකර තිබේ.