ටෙස්ලා විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවල සේවය කරන සේවකයින්ගෙන් යම් ප්‍රතිශතයක් සේවයෙන් ඉවත් කිරීමට එම සමාගමේ හිමිකරු ඊලොන් මස්ක් තීරණය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි අකමැත්තෙන් වුවත් එම තීරණය ගැනීමට සිදුවන බව ඊලොන් මස්ක් ප්‍රකාශ කර ඇත.
වෙළෙඳපොළ වටිනාකම අනුව ලොව විශාලතම මෝටර් වාහන නිෂ්පාදකයා වන ටෙස්ලා සමාගම ට සම්බන්ධව ලොව පුරා පසුගිය දෙසැම්බර් මාසය වනවිට සේවකයින් 140,473ක් සේවය කළහ.
ඒ අනුව මෙම පිරිසෙන් 10%ක් ඉදිරියේ දී සේවයෙන් ඉවත් කිරීමට නියමිතය.