Connect with us

පුවත්

ඊළමට පණ දෙන්න හැදූ ලාංකිකයන් 9ක් ඉන්දියාවම අල්ලලා දෙයි!

Published

on

ඉන්දියාවේ තිරුචිරපල්ලි දෙමළ සරණාගත කඳවුරේදී මත්ද්‍රව්‍ය සහ අවි ජාවාරමේ යෙදෙමින් දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදී සංවිධානයේ ක්‍රියාකාරකම් වලට නැවත පණ දීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් නව දෙනකු අත් අඩංගුවට ගත් බව ඉන්දියානු ජාතික විමර්ශන ඒජන්සිය ප්‍රකාශ කර ඇත.

අත් අඩංගුවට ගත් සැකකරුවන්ගේ අනන්‍යතාවයන් හෙළි වී ඇති අතර ඔවුන් සී.ඥාණසේකරන් නොහොත් කිඹුලාඇල ගුණා,පුෂ්පරජා නොහොත් පූකුඩු කන්නා,මොහොමඩ් අසමින්,අලහප්පෙරුමග සුනිල් ගාමිණි ෆොන්සේකා,ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු,ලඩියා චන්ද්‍රසේන,ධනුක රොෂාන්,වැල්ලේ සුරංග සහ තිලීපන් යන ශ්‍රී ලාංකිකයන් බව ඉන්දියානු බලධාරීහු පවසා තිබේ.

සී.ඥාණසේකරන් නොහොත් කිඹුලාඇල ගුණා දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට නැවත පණ දීමේ කුමන්ත්‍රණයේ ප්‍රධාන සැකකරුවෙකු බව ඉන්දියානු නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

එල්.ටි.ටි.ඊ සංවිධානයට නැවත පණ දීමේ අරමුණින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ නීති විරෝධී අවි සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පාකිස්තානයේ අවි සහ මත්ද්‍රව්‍ය සැපයුම්කරුවකු වන හාජි සලීම් නම් ජාවාරම්කරු සමඟ එකතු වී කිඹුලාඇල ගුණා සහ පූකුඩු කන්නාගේ මත් ද්‍රව්‍ය ජාවාරම් කල්ලිය කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කරන බව ඉන්දියානු විමර්ශන ඒජන්සිය ප්‍රකාශ කර ඇත.

හාජි සලීම් ශ්‍රී ලංකාවට අවි සහ මත් ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ විශාලතම ජාලය පාකිස්තානයේ සිට ක්‍රියාත්මක කරන බව ඉන්දියානු ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරියකු පවසා තිබේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

“ජනාධිපතිතුමනි එක පෑන් පහරින් මේක ඉවර කරන්න. අපි මාතරින් කට්ටඩියෝ බුක් කරලා තියෙන්නේ.” (වීඩියෝ)

Published

on

By

විදේශ රැකියා කාර්යාංශයේ කෝටි ගණන් මුදල් වංචා කරන බවට සිවිල් බුද්ධි පෙරමුණ චෝදනා කරයි.

මාධ්‍ය හමුවක් කැදවමින් එහි කැඳවුම්කරු  සංජය මහවත්ත මහතා ප්‍රකාශ කලේ ‘රනිල්ගේ ගෝලයෝ .. මනුෂගේ ගෝලයෝ.. විදේශ රැකියා කාර්ය අංශයේ කෝටි ගණන් මුදල් වංචා කල බවය.

එමෙන්ම සිදු වූ කෝටි ගණනක මූල්‍ය වංචා කෝප් කමිටු විසින් අල්ලස් දූෂණ විමර්ශන ඒකකටයත් යවා ඇති අතර  මේ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින් රැසක්ම තවමත් සේවයේ සිටින බවත් ඔවුන් චෝදනා කරයි.

වර්තමාන ආණ්ඩුව මෙම හොරු ගැන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද සිවිල් බුද්ධි පෙරමුණ මාධ්‍ය හමුවේ  පෙන්වා දෙයි.

එහි කැදවුම්කරු සංජය මහවත්ත මහතා,

“ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ඉදිරිපිට අපි විරෝධතා දැක්වූවා.. විදේශගත ශ්‍රමිකයන්ගේ මුදල්,තරුණ සහෝදරවරුන්ගේ මුදල් මංකොල්ල කාලා තියෙනවා.

කෝටි දෙසියකට වැඩිය වංචාවක් මේ සිදු කරල තියෙන බව කෝප් කමිටු වාර්තාවල තියෙනවා. පහුගිය ආණ්ඩුවේ හෙන් චයියෝ  ටික ඉවත් කරන්න.

රටේ ඒජන්සිකාරයන්ටත් රිදිලා තියෙනවා.
ජනාධිපතිතුමන්ට අපි කියනවා, ජනාධිපති තුමණි ඔබතුමාගේ පෑන් පහර එළියට දාන්න. පෑන් පහර ගහන්න විදේශ සේවා එකට. එහෙම නැත්තන් ඔබතුමාගේ ආණ්ඩුවට මිනීපෙට්ටියට පළමු ඇණය ගහන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉන්න සභාපතිවරයා.

මේතරම් මංකොල්ලා කාලා තියෙද්දි, මේ තරම් හොරකම් කරලා තියෙද්දි. මේ හොරු පන්නන්න ආපු ආණ්ඩුවට මේ මහ හොරුන්ව පන්නගන්න බැරිනම් මොකක්ද තියෙන කතාව?

අපි මාතර කට්ටඬියෝ බුක් කරලා තියෙන්නේ.. අපි දුම්මල ගහලා පන්නනවා.. අපි සිවිල් සංවිධාන දුම්මල වරම අතට ගන්නවා..

කොරියා යන තරුණයන්ගේ 50000 ක ගානේ ගහලා තියෙනවා.

කට්ටඩියෝ ටික දුම්මලත් අරගෙන මාතරින් එනවා..”

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Published

on

By

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ලබන බදාදා (11) පෙරවරු 8. 30 සිට පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්ය බල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීමේ හා වැඩි දියුණු කිරීමේ කාර්ය හේතුවෙනි.

පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක, සීදූව නගර සභා බල ප්‍රදේශ මෙන්ම කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ හා ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව නිවේදනය කරි.

ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභොගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පළකර සිටියි.

ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

Continue Reading

පුවත්

ඇමරිකාව හා චීනය අතර වෙළඳ සාකච්ඡා අද ලන්ඩනයේ දී

Published

on

By

ඇමරිකාව හා චීනය වෙළඳ සාකච්ඡා සඳහා ලන්ඩනයේදී අද (09) හමුවීමට නියමිතය.

ඇමරිකාව හා චීනය අතර වෙළඳ යුද්ධය අවසන් කිරීම අරමුණු කරගනිමින් නව සාකච්ඡා වටයක් අද (09) ලන්ඩනයේදී පැවැත්වෙනු ඇත.

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සිකුරාදා නිවේදනය කළේ ජ්‍යෙෂ්ඨ ඇමරිකානු දූත පිරිසක් චීන නියෝජිතයන් හමුවන බවය.

එමෙන්ම චීන උප අගමැති හේ ලීෆෙන්ග් සාකච්ඡාවලට සහභාගී වන බව තහවුරු කර තිබේ.

දෙරටම ආනයන බදු අඩු කිරීම සඳහා එකඟ වූ නමුත් රටවල් දෙකම ගිවිසුම කඩ කළ බවට ද චෝදනා එල්ල වේ.

ඇමරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්, වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් සහ වෙළඳ නියෝජිත ජේමිසන් ග්‍රියර් මෙම සාකච්ඡා සඳහා එකවනු ඇත.

චීන විදේශ අමාත්‍යාංශය පැවසුවේ උප අගමැතිවරයා ජූනි 8 සිට 13 දක්වා බ්‍රිතාන්‍යයේ රැඳී සිටින බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved