Connect with us

පුවත්

ඊ ටිකට් වංචාවේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

Published

on

දුම්රිය ඊ ටිකට්පත් වංචාවට සම්බන්ධ තවත් සැකකරුවෙකු මහනුවර දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (26) මහනුවර දුම්රියපල අසලදී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

සැකකරු දුම්රිය ප්‍රවේශපත්‍ර වැඩි මිලකට විදේශිකයන්ට අලෙවි කර ඇති අතර ඔහු සතුව තිබී ඊ ටිකට්පත් දෙකක් හා ජංගම දුරකථන දෙකක් ද පොලිස් නිලධාරීන් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 වන කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පසුව වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ

පුවත්

ත්‍රීරෝද රථයක් තුළ පොලිස් නිලධාරියෙකුගේ පිළිස්සුණු මළසිරුරක්

Published

on

By

මීගමුව, කොච්චිකඩේ කම්මල් තොටුපොළ මුහුදු තීරයේ ත්‍රීරෝද රථයක් තුළ පොලිස් නිලධාරියෙකුගේ පිළිස්සුණු මළසිරුරක් අද (14) උදෑසන සොයාගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් රියදුරෙකු වන ජයන්ත පුෂ්පකුමාර නම් වයස අවුරුදු 56ක් වන මීගමුව දළුපත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

මෙම සිද්ධිය අද උදෑසන ප්‍රදේශවාසීන් දැක ඇති අතර, ඔවුන් විසින් කොච්චිකඩේ පොලීසිය දැනුම්වත් කර තිබේ.

ඒ අනුව කොච්චිකඩේ පොලීසිය හා මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය විසින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

මේ වනවිට මළසිරුර මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහලවෙත රැගෙන යෑමට නියමිතය.

Continue Reading

පුවත්

ඊශ්‍රායලය සහ ඉරානය ගැන ඉන්දියාවේ ස්ථාවරය පවසයි

Published

on

By

ඉරානය සහ ඊශ්‍රායලය අතර උත්සන්න වන ආතතීන් පිළිබඳව ඉන්දියාව දැඩි කනස්සල්ල පළකර තිබේ.

එමෙන්ම මෙම ගැටුම්කාරී අවස්ථාවේදී ඉවසීමෙන් කටයුතු කරන ලෙසද ඉන්දියාව දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා ඇත.

මතගැටුම් නිරාකරණය කරගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගවලට එළඹෙන ලෙසද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් රටවල් දෙකටම යෝජනා කර තිබේ.

ඉරානය සහ ඊශ්‍රායලය දියත් කරන ප්‍රහාර සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසයි.

ඉන්දියාව දෙරට සමඟම සමීප සහ මිත්‍රශීලී සබඳතා පවත්වන අතර හැකි සෑම සහයෝගයක්ම ලබාදීමට සූදානම්ව සිටින බවද එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඉරානයේ සහ ඊශ්‍රායලයේ ඉන්දියානු දූත මණ්ඩල විසින් එහි සිටින ඉන්දියානු ප්‍රජාවන් සමග සම්බන්ධතා පවත්වමින් ඉදිරි කටයුතු සිදුකරමින් ඇති බවත් පහැදිලි කර තිබේ.

කලාපයේ සිටින සියලුම ඉන්දියානු ජාතිකයින්ට ආරක්ෂිතව සිටින ලෙස සහ ආරක්ෂක උපදේශන අනුගමනය කරන ලෙස උපදෙස්දී ඇතැයි ද එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Continue Reading

පුවත්

නම් නැති සභිකයින් 223ක්

Published

on

By

පළාත් පාලන ආයතන ආයතනවලට තේරීපත්වූ සභිකයින් 223කුගේ නම් මෙතෙක් ලැබී නැතැයි, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ එම නාම යෝජනා කඩිනමින් යොමුකරන ලෙස පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලට යළි  දැනුම් දුන් බවය.

කොමිසම වෙත ලැබුණු සභිකයින් 104 දෙනෙකුගේ නම් ඊයේ (13) දිනයේත් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved