විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හඳුන්වා දීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් කළ විශේෂ විගණන වාර්තාව සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යංශය නිරීක්ෂණ භාරදී තිබේ.
විගණකාධිපති ඩබ්ලිව්. එම්. සී. වික්‍රමරත්න මහතා සඳහන් කළේ, එම නිරීක්ෂණ පදනම් කර ගනිමින් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශ ඇතුළත් කොට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රයක් හඳුන්වා දීමේ වැඩපිළිවෙළ ආශ්‍රිතව පැන නැගුණ අක්‍රමිකතා හා දූෂණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනය කිරීම මෙම විගණනයේදී සිදු විය.
මෙම වැඩපිළිවෙළ හේතුවෙන් මෙරට ගුවන් බලපත්‍ර හිඟයක් ඇති වූ අතර ඒ හේතුවෙන් දෛනිකව දිගු පෝලිම් නිර්මාණය වූයේ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණි පිරිස් හේතුවෙනි.
අදාළ ක්‍රියාවලිය නිසි ප්‍රසම්පාදන ක්‍රියා පිළිවෙතකට අනුව සිදු වූයේ ද යන්න පිළිබඳ විමර්ශනය මේ යටතේ සිදු කෙරුණි.
(News 1st)