පුවත්

ඊ-පාස්පෝර්ට් ප්‍රොජෙක්ට් එක තාවකාලිකව නවත්වයි 

Published

on

ඉලෙක්ට්‍රෝනික ගමන් බලපත්‍ර හෙවත් E-Passport ක්‍රමය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාකාලිකව නවතා දැමීමට රජය තීරණය කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ වර්ෂයක දී ඉලෙක්ට්‍රෙනික විදේශ ගමන් බලපත්‍ර 750,000 ක් පමණ නිකුත් කිරීමට සිදුවන බවයි.

මේ සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක් තරම් අති විශාල මුදලක් වැය වන අතර ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර සදහා පමණක් ඩොලර් මිලියනයක් වැය කිරීමට සිදුව ඇති බවත් සඳහන් වේ.

මේ නිසා දැනට ඇති විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයම තව දුරටත් පවත්වාගෙන යාමටත් ඉදිරියේදී නැවත ඉලෙක්ට්‍රෝනික විදේශ ගමන් බලපත්‍රය පිළබඳව සලකා බැලීමටත් තිරණය කර ඇත.  

Trending

Exit mobile version