Connect with us

පුවත්

“උඩරට ගිවිසුමටත් වඩා බරපතළ පාවාදීමක් මේ ආණ්ඩුව කළා”

Published

on

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් ගසා, 1815 උඩරට ගිවිසුමටත් වඩා බරපතළ පාවාදීමක් සිදුකරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා කියයි.

ඉන්දියාව සමග ලංකාව එළැඹුණු ගිවිසුම් සම්බන්ධයෙන් ඔහු මේ බව කියා සිටියේ මතුගම පැවැති ජනහමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රිවරයා,

‘‘මේ රටේ සාම්පූර් බලාගාරය හදද්දී විරුද්ධ වුණේ ජනතා විමුක්ති පෙරමුණයි. උසාවි ගියෙත් ඒ පක්ෂයයි. අපි ඒවා දින්නා කියලා උදන් ඇනපු අයම දැන් ඒවාට අත්සන් කරනවා. මේවා කරන්නේ රෙදි ඇදගෙනද කියලා අපිට තේරෙන්නේ නෑ. එදා 1815 උඩරට ගිවිසුමටත් වඩා බරපතළ පාවාදීමක් තමයි අද මේ වෙලාවේ සිදුවන්නේ. මේ පාවාදීම්වලට එරෙහි පෝස්ටර් උදේ පාන්දර ඉඳන් පොලිසිය දාලා ගලවනවා. ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ ඉඳගෙන පෝස්ටර් අලවන කාලේ ඒවා ගලවන්න මොකෙක්වත් හිටියේ නෑ. දැන් ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව යටතේ පෝස්ටරයක් අලවන්න නිදහස නෑ. මෙන්න මේ පාවාදීම් කරන්න ඕන නිසයි එදා අපිව එළියට දැම්මේ. තාත්තා වගේ හිටපු සෝමවංශ අමරසිංහ එළියට දැම්මේ. ජනාධිපතිකම නොවෙයි දෙන්න තියෙන්නේ පචාධිපතිකමයි. මෝදිට ගහලා තියෙන පෝස්ටර්වල ඉංග්‍රීසි ව්‍යාකරණත් වැරැදියි.

අගැමැතිනිය තායිලන්තයට යනවා බ්ලැක් බෙල්ටර් කෙනෙක් වගේ. කලිසමකුයි, ටී ෂර්ට් එකකුයි ඇදගෙන. ඇගේ තිබුණු ජැකට් එක ඉණේ ගැට ගහගෙන. අර මියුසිකල් ෂෝවලට කොල්ලෝ කෙල්ලෝ නටනවා ඔය වගේ ඇඳගෙන. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඔසරිය ඇඳගෙන ගිහින් රටේ ප්‍රතිරූපය නිර්මාණය කළේ පිටරටදී. චන්ද්‍රිකා නෝනා පිටරට රාජ්‍ය තාන්ත්‍රික හමුවලට ගියේ ඔසරිය ඇඳගෙන. සංගීත සංදර්ශනයක නටන්න බජව් පාටියකට යනවා වගේ ගියේ නෑ. මේ අය රටට අනන්‍ය ප්‍රතිරූපය විනාශ කරමින් ඉන්නවා.’’ යැයි ඔහු කීවේය.

මූලාශ්‍රය – අරුණ

🔴"ඉන්දියානු ආක්‍රමණිකයෝ අපේ රට අවුරුදු ගණන් අල්ලගෙන වැනසුවා" මාලිමා ආණ්ඩුව කොලේ වහලා ගිවිසුම් ගහන්න හේතුව මෙන්න ! 2025 පලාත් පාලන මැතිවරණයේදී කඩුවෙල මහා නගර සභාව සඳහා "පංචායුධය" ලකුණින් තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා පැවැත්වෙන ජන හමු මාලාවේ, කඩුවෙල – අරංගල ජනහමුවේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් සිදුකළ කතාව.

Posted by Wimal Weerawansa on Sunday, April 6, 2025

පුවත්

කෝසලගේ තැන සමන්තට

Published

on

By

අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීරගේ මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහ මහතාව නම්කළ බව මැතිවරණ කොමිසම පවසයි.

සමන්ත රණසිංහ මහතා 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය රඹුක්කන ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.

Continue Reading

පුවත්

මර්වින් සිල්වා ඇතුළු 4ක් රිමාන්ඩ්

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අප්‍රේල් 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළේය.

එමෙන්ම අදාළ සිද්ධියට චෝදනා එල්ලවී ඇති තවත් තිදෙනෙකු ද අප්‍රේල් 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගියදා පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේදී මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගත්තේය.

මේ වනවිට සැඟවී සිටින ප්‍රසන්න රණවීර සහ මිල්රෝයි පෙරේරා යන අය අත්අඩංගුවට ගැනීම සඳහා මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.

Continue Reading

පුවත්

හිටපු අමාත්‍ය වියාලේන්ද්‍රන්ට ඇප

Published

on

By

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදාමත හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (9) නියම කළේය.

වැලි කැණීමේ බලපත්‍රයක් නිකුත්කිරීම සඳහා රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට වියාලේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා ඊයේ (8) අධිකරණයට ඉදිරිපත්කළ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විසින් ඇපමත මුදාහරින ලදී.

එහෙත් සැකකරුට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් යළි බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.

කෙසේ නමුත් අද දිනයේදී ඒ මහතා සියලු ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් මුදාහැරීමට අධිකරණය නියම කළේය.

සබැඳි පුවත්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved