පුවත්

උඩරට දුම්රිය ගමනාගමනයට බාධා

Published

on

හපුතලේ සහ දියතලාව අතර දුම්රිය මාර්ගයට අද (19) අලුයම 05ට පමණ පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල දක්වා පැමිණි රාත්‍රී තැපැල් දුම්රිය හපුතලේ දක්වා පැමිණ නතර කර ඇති අතර, අද දිනයේ උඩරට මැණිකේ දුම්රිය හා පොඩි මැණිකේ දුම්රිය ප්‍රමාද වී ධාවනය කිරීමට සිදුවන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියි.  

මේ වන විට අවහිර වූ දුම්රිය මාර්ගයෙන් පස් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

Trending

Exit mobile version