උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.
නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරින් පැවසුවේ උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන දෙක අතර 148/6 සැතපුම් කණුව අසල අද (06) පස්වරු 4.00 ට පමණ පස් කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටි ඇති බවයි.
ඉදල්ගස්හින්න සහ ඔහිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග දුම්රිය මාර්ගයට මෙසේ පස් කන්ද කඩා වැටි ඇත.
දුම්රිය මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කරන තෙක් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කරන දුම්රියන් ඔහිය දුම්රිය ස්ථානය දක්වා සීමා කරන බව එම නිලධාරින් පැවසීය.