බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ 1008 මගී ප්‍රවාහන දුම්රියේ එන්ජිම පීලිපැනීම හේතුවෙන් ඇනහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු අද (10) උදෑසන වනවිට යළි යථාතත්ත්වයට පත්කර තිබේ.
නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, එම දුම්රිය නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ දී ඊයේ (09) පස්වරු 6ට පමණ පීලිපැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබු බවය.
ඊයේ රාත්‍රියේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ගම්පොළ දුම්රිය ස්ථානයේත්, බදුල්ලේ සිට කොලඔ කොටුව දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානයෙත් අද උදෑසන වන තෙක් නතර කර තැබීමට සිදු වූ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
ධාවනය වෙමින් තිබූ දුම්රියේ එන්ජිම පීලිපැන අඩි 270ක් පමණ ඉදිරියට ඇදී ගොස් දුම්රිය මාර්ගය අබියස වූ කන්දක ගැටී දුම්රිය එන්ජිම නතර වී තිබුණි.
පීලිපැනීමෛන් දුම්රිය මාර්ගයටද දැඩි අලාභ හාන් සිදු වී තිබු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය නිළධාරින් වැඩිදුරටත් කියා සිටියේය.