පුවත්

උඩරට දුම්රිය ධාවනය යථා තත්වයට

Published

on

උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ හා වටගොඩ අතර සීග්‍රගාමී දුම්රියක් පීලි පැනීමෙන් අවහිර වී තිබූ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කෙරුණු බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.

පාලක මැදිරි කාර්යාලයේ නිලධාරියක් පවසා ඇත්තේ, බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ එම දුම්රියේ නැරඹුම් මැදිරිය ඊයේ (13) සවස 3.25 ට පමණ පීලි පැනීමට ලක් වූ අතර රාත්‍රී 10 ට පමණ පීලි ගත කිරීම අවසන් කළ බවය.

ඒ අනුව, අද (14) බදුල්ල දුම්රිය ස්ථානයෙන් අළුයම 5.55 ට උඩරට මැණිකේ දුම්රිය කොළඹ කොටුව බලා පිටත් වූ බවත් ඔහු සඳහන් කලේය.

Trending

Exit mobile version