පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයන් හා ගමන් වාර අවලංගු කිරීම සිදුවී තිබේ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දුම්රිය මාර්ගයට පස්, ගල් සහ ගස් කඩාවැටීම හේතුවෙන් දුම්රිය ධාවනය ප්‍රමාද වන බවය.
මේ අතර, කොළඹ – බදුල්ල සහ බදුල්ල – කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය මෙන්ම අද දිනයේ විශේෂ දුම්රිය ද අවලංගු කිරීමට ද තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.