උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව සහ හපුතලේ අතර බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් අද (16) දහවල් පීලි පැන තිබේ.
බදුල්ලෙන් පෙරවරු 10.00ට ගමන් ඇරඹූ දුම්රිය, උඩරට දුම්රිය මාර්ගයේ 155 1/2 වන සැතපුම් කණුව අසල දී මෙලෙස පීලි පැන ඇති බව පැවසේ.
මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය හපුතලේ දක්වා සීමා කිරීම සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.