පුවත්

උඩවලව වේල්ල හරහා පාර වැසීම අද සිට ඇරඹේ

Published

on

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් උඩවලව වේල්ල හරහා වූ මාර්ගය අද (15) සිට ජනවාරි 15දා දක්වා අදියර කිහිපයක් යටතේ තාවකාලිකව වසාදැමීමට නියමිත බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කරයි.

මාර්ගය දෙසැම්බර් 22දා දක්වා සම්පූර්ණයෙන් වසා දැමෙන අතර, දෙසැම්බර් 23 – ජනවාරි 06 දක්වා එහි එක් මංතීරුවක් වසා දැමීමට නියමිතය.

කෙසේවෙතත් ජනවාරි 07දා – 14 දින දක්වා මාර්ගය යළි සම්පූර්ණයෙන් වසා දැමෙනු ඇත.

ඉන් අනතුරුව, ජනවාරි 15දා සිට මෙම මාර්ගය ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට නියමිතය.

මාර්ගය වසා දැමෙන කාලසීමාව තුළ විකල්ප මාර්ග ලෙස උඩවලව, ඇඹිලිපිටිය හරහා 13 කණුව දක්වා වන මාර්ගය භාවිත කළ හැකි බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කරයි.

Trending

Exit mobile version