මැතිවරණ රැස්වීම් සහ ප්‍රචාරක කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලට යෑමට ගුවන් හමුදා හෙලිකොප්ටර් හෝ ගුවන් යානා රජයේ වියදමින් භාවිත කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සියලු අපේක්ෂකයන්ට දැනුම්දී තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසා තිබෙන්නේ රජයේ ගුවන් යානා මැතිවරණ කටයුතු සඳහා භාවිත කරන්නේ නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම මුදල් ගෙවිය යුතු බවය.
මැතිවරණ නොවන වෙනත් රාජකාරි කටයුතු සඳහා ගුවන් යානා ලබාගත හැකි පුද්ගලයන්ට එවැනි කටයුතු සඳහා රජයේ ගුවන් යානා යොදාගැනීමට බාධාවක් නැති බවද ඔහු පවසා තිබේ.
එමෙන්ම මැතිවරණ කටයුතු සඳහා ලංගම බස් රථ, දුම්රිය යොදාගන්නේ නම් ඒ සඳහා ද අනිවාර්යයෙන්ම මුදල් ගෙවා රිසිට් පත් ලබාගත යුතු බව කොමිසම දැනුම්දී තිබෙන බව සඳහන්ය.