Connect with us

පුවත්

උඩින් යන්න කෝටියක් වැය කළේ මහින්ද? මංගල?

Published

on

උත්සව හා රැස්විම් වලට යාමට මුදල් අමාත්‍යවරයා හා එම කාර්ය මණ්ඩලයට ගුවන් ගාස්තු ලෙස 2019 වසරේදී රුපියල් කෝටියකට ආසන්න මුදලක් එනම් 91,01,453ක් වැය කර ඇතැයි වාර්තා වේ.

මේ බව හෙළිව ඇත්තේ මුදල් අමාත්‍යංශය සම්බන්ධයෙන් 2018 – 2020 සඳහා සිදුකළ ත්‍රෛවාර්ෂික විගණන වාර්තාවකිනි.

මුදල් අමාත්‍යවරයාගේ කාර්ය භාරය සළකන විට දුර ගමන් සඳහා දිගු කාල වේලවෙක් ගතවන මහාමාර්ග හරහා ගමන් කිරිම ප්‍රායෝගිකව දුෂ්කර නිසාත් මෙම සංචාරයන් ඉතා හදිසි හා අත්‍යාවංශ්‍ය වීම නිසාත් හෙලිටුවර්ස් පෞද්ගලික සමාගම වෙතින් මෙම සංචාරයන් සඳහා ප්‍රවාහන පහසුකම් සළසා ගත් බව අමාත්‍යංශ නිලධාරින් විගණනයට වාර්තා කර තිබේ.

ගුවන් හමුදාවේ වෙළද සේවාවක් ලෙස “හෙලිටුවර්ස්” ක්‍රියාත්මක වේ.

මෙම වසරේ මුල් කාල වකවානුවේ එනම් නොවැම්බර් දක්වා පැවැතියේ යහපාලන ආණ්ඩුව වන අතර එහි මුදල් අමාත්‍යවරයා ලෙස දිවංගත මංගල සමරවීර මහතා කටයුතු කළ අතර ඉන් පසුව 2021 ජූලි 08 වැනිදා දක්වා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාය.

මහින්ද රාජපක්ෂ මහතා මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සම්පාදන, බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු, නිවාස හා ජල සම්පාදන, නගර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම්දෙනු ලැබුවේ 2019 නොවැම්බර් 22 වැනිදාය.

කෙසේවුවද, මේ වියදම කාගේ සමයේ සිදුවූවක්ද බවට නිශ්චිත වාර්තා නැතැයි ද මේ අතර වාර්තා වේ.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved