පුවත්

උණ්ඩ අරගෙන ඉන්දියාවට යන්න ආ ඇමරිකානු මගියෙක් අල්ලගනියි!

Published

on

ඉන්දියාව බලායාමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අමෙරිකානු ජාතික ගුවන් මගියෙක් ගුවන් හමුදා නිලධාරීන් විසින් ඊයේ (28) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔහු සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 10ක් සහ මැගසීනයක් හමුවීමත් සමගය.

සැකකාර අමෙරිකානු ජාතික ගුවන් මගියා ඊයේ රාත්‍රී 8.25 ට චෙන්නායි බලායාමට පැමිණ තිබුණේ කාන්තාවක්ද සමගිනි.

ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තයේදී පරීක්ෂා කිරීමේ යන්ත්‍රය හරහා ගමන් කිරීමේදී ඔහු සතුව ජීව උණ්ඩ තිබෙන බවට අනාවරණ වී තිබේ.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර ගුවන් මගියා වැඩිදුර විමර්ශන සඳහා ගුවන්තොටුපොළ පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර ඔහු සමග පැමිණි කාන්තාවට මෙරටින් පිටව යෑම සඳහා අවස්ථාව සලසා දීමට ගුවන්තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි.

Trending

Exit mobile version