Connect with us

පුවත්

උණුසුම වැඩි කාලේ පෙරහැරවල්වල අලි ගෙනියනවද ?

Published

on

අධික උණුසුම් කාලගුණයක් පවතින මෙවන් සමයක, ගෘහාශ්‍රිත හීලෑ අලි ඇතුන් පෙරහැර වල රැගෙන යාම පිළිබඳව වැඩි අවධානයක් යොමු කල යුතු බව “රෙයා ශ්‍රී ලංකා“ සංවිධානය පවසයි.

ඉකුත් 22දා රාත්‍රීයේ මහනුවර ඇසළ පෙරහැර‍ෙහි දෙවන කුඹල් පෙරහැරේ ගමන් ගත් අලි ඇතුන් පස්දෙනෙකු පමණ කුලප්පු විමේ සිද්ධියෙන් මේ බව යළි යළිත් සනාථ වන බව එම සංවිධානයේ සභාපතිනී පංචාලි පනාපිටිය “මව්බිම“ට පැවසීය.

එතුමිය සඳහන් කළේ, එම සතුන් කුලප්පු විමට හේතුව වුයේ එහි රැගෙන ගිය කොප්පරා පන්දම් වලින් පිටතට විසි වු ගිනි පුපුරු පෑගිමෙන් යැයි පැවසුනද, මෙවන් උණුසුම් කාලයකදී ඉතා ඝනකම් ඇඟලුම් ඇඟලා ගෙන දිර්ඝ වේලාවක් පෙරහැරේ ගමන් කිරිම එම සතුන්ට මහත් පීඩාවක් ගෙන දෙන බවයි.

වෙල්වට් වැනි අධික ඝනකමින් යුක්ත රෙදි වලින් නිමවා ඇති මෙවන් ඇඟලුම් මඟින් එම සතුන්ගේ කන්පෙති පවා ආවරණය වන බැවින් එම සතුන්ට උන්ගේ ශරීර උණුසුම පාලනය කර ගත නොහැකි බවට ද ඇය චෝදනා කරයි.

සමාන්‍යයෙන් අලි-ඇතුන් උන්ගේ ශරීරයේ උණුසුම පාලනය කරගන්නේ කන්පෙති සෙලවිමෙන් නිසා ඒවා ආවරණය වු විට උන්ට දැනෙන උණුසුම වැඩි වන බවත් මෙවන් උණුසුම් සහිත කාලයකදි එය වඩාත් වැඩි වන බවත් ඇය අවධාරණය කළාය.

එමෙන්ම කුලප්පු වු අදාළ සතුන් අතරින් කිහිපදෙනෙකෙුම නීති විරෝධී ලෙස කැලයෙන් අල්ලාගෙන විත් ඉතා කුරීරු අන්දමින් වධහිංසා පමුණුවා හීලෑ කල අලි බවට සැකයක් පවතින බවත් යම් හෙයකින් මේ අලි කුලප්පු විම නිසා කිසියම් අයෙකු මියගිය හොත් එහි වගකීම භාරගන්නේ කවුරුන්ද යන්න ඇය ප්‍රශ්න කර සිටියාය.  

තවද අලි ඇතුන් සියල්ලක්ම පාහේ පෙරහැරේ රැගෙන යන්නේ පාද හතරම දම්වැල් වලින් බැඳ බවත් ඒ බව වසන් කිරිමට පොළව ස්පර්ශ වන සේ ඇඟලුම් නිම වුවත් පා බැඳි දම්වැල් සැඟවිය නොහැකි බව ඇය අවධාරණය කළාය.

මේ අයුරින් එම අලි ඇතුන් පෙරහැරේ රැගෙන යාමේදි යම් හෙයකින් නොසන්සුන් වි කලබල වුවහොත් උන් මෙල්ල කිරිම සඳහා හෙන්ඩුවෙන්,කෝටු වලින් පහර දෙමින් හිංසා කිරිම සුලභ කරුණක් වි ඇතැයිද ඇය පැවසුවාය.

විදේශිකයන්ටද පෙරහැර නැරඹීමට යැයි ආරාධනා කරමින් මෙලෙස සත්ත්ව හීංසනය ප්‍රදර්ශනය කරන්නේ නම් එය කිසිසේත්ම අනුමත කල නොහැකි බව ඇය අවධාරණය කර සිටියාය.

(මුලාශ්‍රය : මව්බිම)

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved