පුවත්

උත්සව සමයට ඉන්ධන කෝටාව වැඩිකරයි 

Published

on

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.

කලින් සැලසුම් කළ පරිදි, උත්සව සමයේ වැඩිවන ඉන්ධන අවශ්‍යතාව අනුව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවශ්‍ය තොග ඇණවුම් කර ලබා ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඉන්ධන කෝටා වැඩි කර අයුරු පහත දැක්වේ.

– ත්‍රිරෝද රථ (සාමාන්‍ය) – ලීටර් 05ක කෝටාව ලීටර 08 දක්වා

– ත්‍රිරෝද රථ (විශේෂ) – ලීටර් 10ක කෝටාව ලීටර 15 දක්වා

– යතුරුපැදි – ලීටර් 04ක කෝටාව ලීටර 07 දක්වා 

– බස් රථ – ලීටර් 40ක කෝටාව ලීටර 60 දක්වා 

– කාර් රථ – ලීටර් 20ක කෝටාව ලීටර 30 දක්වා 

– ඉඩම් වාහන (Land Vehicle) – ලීටර් 15ක කෝටාව ලීටර් 25ක් දක්වා

– ලොරි – ලීටර් 50ක කෝටාව ලීටර 75 දක්වා

– Quadric සයිකල් – ලීටර් 04ක කෝටාව ලීටර් 06ක් දක්වා

– විශේෂ කාර්ය වාහන – ලීටර් 20ක කෝටාව ලීටර් 30 දක්වා 

– වෑන් රථ – ලීටර් 20 ක කෝටාව ලීටර් 30 දක්වා

Trending

Exit mobile version