ආනයනික සහල් තොග ලබන 20 වැනිදාට පෙර මෙරටට ලැබීමට නියමිත බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, උත්සව සමයේ සහල් හිඟයක් ඇති වීමට ඉඩ නොදෙන බවයි.
මහ කන්නයේ වී අස්වනු නෙලීම ලබන මාසයේ අග සිදු කෙරෙනු ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.
මේ දිනවල වෙළෙඳපොළේ ඇති සහල් හිඟය සහ සහල් මිල වැඩි වීම හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටි.